සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබෙනවා.
ඔහු මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් වෙත අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වා ඇති බවයි සඳහන් වෙන්නේ.
“සැමට ජයක්” යන තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇති අතර එය සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම සමන්විතයි.
මේ අතර සමගි ජන සන්ධානයේ නායකයින්ගේ සහභාගිත්වයෙන් මහනුවරදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ද පැවති අතර
එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පැවසුවේ සමගි ජන සන්ධානයේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය නිර්මාණය කළේ මැතිවරණය ඉලක්ක කරගනිමින් නොවන බවයි.
එය සෑම විෂයක්ම අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වෘත්තීයවේදීන්ගේ සහ විද්වතුන්ගේ එකමුතුවෙන් සකස් කළ ආණ්ඩුකරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් බවද ඔහු සඳහන් කළා.