Search

ගෙවල් අත්නොහරින ඔස්ට්‍රේලියානුවන් ගැන අනාවරණයක්

තම නිවාස හෝ දේපල විකිණීමකින් තොරව දීර්ඝ කාලයක් එහිම රැඳී සිටින නිවෙස් හිමියන් සිටින ඔස්ට්‍රේලියාවේ තදාසන්න ප්‍රදේශ සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

PropTrack හි නවතම දත්ත අනුවයි තම නිවාස විකිණීමක් හෝ මාරු කිරීමක් නොකර දීර්ඝ කාලයක් රැඳී සිටින්නන් පිළිබඳ මෙම තොරතුරු නිකුත් කර ඇත්තේ.

ඒ අනුව දීර්ඝතම කාලයක් එකම නිවසේ රැඳී ටින නිවාස හිමියන් සිටින ප්‍රදේශය ලෙස නිව් සවුත් වේල්ස් හි Church Point නම් කර ඇති අතර එහි නිවෙස් හිමියන්ගේ හිමිකාරිත්වය වසර 22ක් පමණ වන බව සඳහන්.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය ක්වින්ස්ලන්ඩ් හි Mount Ommaney නම් කර ඇති අතර එහි නිවාස හිමිකරුවන් වසර 21ක පමණ කාලයක් අඛණ්ඩව එහි රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

එම ශ්‍රේණිගත කිරීමේ 3 වන ස්ථානයට Morangup පත්ව ඇති අතර නිවාස හෝ දේපල විකිණීමෙන් තොරව එහි හිමිකරුවන් වසර 21කට ආසන්න කාලයක් නිවෙස්වල රැඳී සිටින බව සඳහන්.

අවම වශයෙන් වසර 20ක අඛණ්ඩ හිමිකාරිත්වයක් සහිතව ක්වින්ස්ලන්ඩ් හි Nacgregor ප්‍රදේශය 4වන ස්ථානයට පත්ව ඇති අතර ඒ හා සමාන කාලයක් රැඳෙමින් බටහිර ඔස්ට්‍රේලියාවේ Northb Yunderup ප්‍රදේශය 5 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

මෙලෙස නිවාස හෝ දේපළ හිමියන් අලෙවියකින් තොරව දීර්ඝ කාලයක් අඛණ්ඩව භාවිතා කරන ප්‍රදේශ අතුරින් වැඩි ප්‍රමාණයක් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වන අතර 6 වස ස්ථානයට ද ක්වින්ස්ලන්ඩ්හි Battery Hill පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

වික්ටොරියා ප්‍රාන්තයේ Ivanhoe East ප්‍රදේශයේ බොහෝ පිරිසක් තම නිවස හෝ දේපල විකිණිමෙන් තොරව අවම වශයෙන් වසර 19ක් රැදී සිටින අතර වික්ටෝරියා ප්‍රාන්තයේ Yarrawarrah ප්‍රදේශයේ ජනතව වසර 20ක පමණ කාලයක් එලෙස සිටින බව සඳහන්.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »