Search

“රනිල් සමග රට දිනවන වසර 5ක්” – ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට

2024 ජනාධිපතිවරණයට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද පෙරවරුවේ එළිදක්වා තිබෙනවා.

“රනිල් සමග රට දිනවන වසර 5ක්” යන තේමාව යටතේ එළිදැක්වූ ලැබු එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම්කර ඇත්තේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ නමින්.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් ‘පුළුවන් ශ්‍රී ලංකා’ නමින් වෙබ් අඩවිය ද ජනගත කළ බව සඳහන්.

ඒ අනුව www.ranil2024.com යන ‘පුළුවන් ශ්‍රී ලංකා’ වෙබ් අඩවියට ඔබටත් පිවිසිය හැකියි.

මෙහිදී පැවති උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළේ ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් ඇති රටක් බවට පත්කළ යුතු බවයි.

එම රාමුව තුළ තමන් වැඩ කරන බවත්, බොරු පොරොන්දු ලබා දී ආර්ථිකය බිඳ දැමීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

ඉදිරි ගමන ආරම්භ වී ඇතත් සම්පූර්ණ වී නොමැති අතර ජනතාවගේ ජීවන බර අඩු වී, ඉන්ධන සැපයුම ස්ථාවර වී ඇති අතර ආර්ථිකය ක්‍රමයෙන් වැඩිදියුණු වෙමින් පවතින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

තමා පොරොන්දු ලබා දෙන්නේ කළ හැකි දේ ගැන පමණක් වන අතර ඉදිරි වසර පහ තුළ රට වෙනුවෙන් තම උපරිමයෙන් කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

ඉදිරි වසර පහ ශ්‍රී ලංකාවට ජයග්‍රාහී කාලයක් වනු ඇති අතර තමා ශ්‍රී ලංකාව ගොඩගන්නා බව ද පස් අවුරුදු මෙහෙයුමේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වෙන මෙම උත්සවයට ආගමික නායකයින්, මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බව ද සඳහන්.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »