Search

වික්ටෝරියා ප්‍රාන්ත ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

අද රාත්‍රියේ සිට යළිත් වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර සහ ගිනිකොන දිග ප්‍රදේශවලට නැවත දැඩි සුළං තත්වයක් හට ගන්නා බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා තිබෙනවා.

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලට බලපෑ මෙම අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට අද දහවල් කාලයේ යම් තරමක සහනයක් පවතිනු ඇති බවයි දැනුම් දී ඇත්තේ.

අද උදෑසන සිඩ්නි නගරයට දකුණින් පිහිටි Illawarra ප්‍රදේශය ඇතුළු නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ විශාල ප්‍රදේශයකට මෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබුවා.

කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ එක් පුද්ගල මරණයක් සහ නිවාස 6000කට විදුලිය විසන්ධි කළ දැඩි සුළං තත්වය අද රාත්‍රියේ සිට ප්‍රාන්තයේ නැගෙනහිර සහ ගිනිකොන දිග ප්‍රදේශවල නැවත ආරම්භ වන බවයි.

සාමාන්‍යයෙන් අද සවස සිට ප්‍රාන්ත දෙකෙහිම පැයට කිලෝමීටර 60 සිට 70 දක්වා තද සුළං තත්වයක් පවතින අතර කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පැයට කිලෝමීටර 100 ඉක්මවිය හැකි දැඩි සුළං ඇති වනු ඇති බවටයි කාර්යාංශය දැනුම් දෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ පෝට් ෆිලිප් සහ ගිප්ස්ලන්ඩ් ප්‍රදේශය ඇතුළු වෙරළ තීරයේ විශාල ප්‍රදේශයකට සුළි කුණාටු අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියාවේ නිරිතදිග ප්‍රදේශවලට ද අද මෙම සුළං තත්වයෙන් බලපෑම් එල්ලවිය හැකි අතර ඇල්බනි, බන්බරි, එස්පෙරන්ස් සහ මැන්ඩූරා ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 90 සිට 100 දක්වා තද සුළං ඇති විය හැකි බවටයි දැනුම්දී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »