නීති විරෝධී ඉලෙක්ට්‍රොනික දුම්වැටි අලෙවිය සඳහා ඩොලර් මිලියන 1.5ක දඩ මුදලක් පැනවීමට දකුණු ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.
හඳුන්වා දෙන මෙම නව නිතිය අනුව බාලවයස්කරුවන්ට නීති විරෝධී ලෙස vapes විකිණීම සඳහා වන දඩ මුදල ඩොලර් මිලියන 1.5ක් දක්වා පැනවීමට හැකි බවයි සඳහන් වන්නේ.
දුම්පානයට ඇබ්බැහි කරවන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පෙට්ටි තොගයක් පසුගියදා දකුණු ඔස්ට්‍රේලියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම නීති හඳුන්වා දීමට අවධානය යොමු වී තිබෙනවා.
නීතිවිරෝධී e දුම්වැටි අලෙවි කරන්නන් සම්බන්ධයෙන් පසුගිය ජූලි මස පළමු වනදා සිට මහජනතාවගෙන් තොරතුරු 100කට වඩා ලැබී ඇති බව දකුණු ඔස්ට්‍රේලියා රජය ප්‍රකාශ කළා.
පාරිභෝගික කටයුතු කොමසාරිස් මාර්ටින් කැම්බල් පැවසුවේ නීතිවිරෝධී ඉලෙක්ට්‍රොනික දුම්වැටි වෙළඳාම ඇඩිලේඩ් ආසන්න ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන බවයි.
ප්‍රාන්ත රජය විසින් යෝජනා කර ඇති අනෙකුත් නීති වෙනස්කම් අතරට පොදු ස්ථානවල දුම්වැටි අලෙවි යන්ත්‍ර තහනම් කිරීම සහ වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකුට වෛද්‍ය නිර්දේශය සහිත ඖෂධ වට්ටෝරුවක් තිබුණ ද e දුම්වැටි විකිණීම තහනම් කිරීම ඇතුළත් වනවා.
මෙම නීති මගින් ප්‍රාන්ත ප්‍රජාව තුළ දුම්පානය අඩුවීම සහ තරුණ තරුණියන් ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයෙන් ඉවත් වන ආකාරය දැකීමට අවස්ථාවක් වනු ඇති බවයි දකුණු ඔස්ට්‍රේලියාවේ Preventive Health හි ප්‍රධාන විධායක Marina Bowshall මහත්මිය සඳහන් කළේ.
මෙම නීති සම්මත වුවහොත් වසර අවසන් වන විට ඒවා බලාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ද සඳහන්.