වික්ටෝරියා ගිලන්රථ සේවයේ නව ප්‍රධානියා ලෙසට පත් වූ ඇන්ඩෲ ක්‍රිස්ප් (Andrew Crisp) සේවයට පැමිණි පළමු සතියෙන් පසු මාස 2ක නිවාඩු ලබාගෙන ඇතැයි කියන සිදුවීමක් වාර්තා වනවා.
නව ධුරයේ රාජකාරි ආරම්භ කර සතියකට පමණ පසු ඔහු මාස දෙකකට ආසන්න කාලයක නිවාඩුවක් ගත කරන බවයි සඳහන් වන්නේ.
වික්ටෝරියා ගිලන් රථ සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජේන් මිලර් එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඇන්ඩෲ ක්‍රිස්ප් එම තනතුරට තාවකාලිකව පත් කරනු ලැබුවා.
වික්ටෝරියා ගිලන්රථ සේවා සංගමයේ සාමාජිකයින්ගෙන් සියයට 98ක පමණ පිරිසක් පසුගිය මාසයේ ප්‍රධාන විධායක නිලධාරීවරියට එරෙහිව විශ්වාසභංගයක් සම්මත කිරීමෙන් පසුවයි ඇය පසුගිය 20 වනදා හදිසියේම ඉල්ලා අස්වූයේ.
ඒ අනුව අන්තර්කාලීන ප්‍රධාන විධායක ලෙස පත් කරන ලද ඇන්ඩෲ ක්‍රිස්ප් අද සිට ප්‍රංශයේ කෝර්සිකා හි (Corsica) කඳු තරණය කිරීම සඳහා කලින් වෙන්කරවා ගත් සති හතක නිවාඩුවක් ගෙන ඇති බව සඳහන්.
ඔහු ලබන ඔක්තෝබර් මස 23 වනදා නැවත සේවයට පැමිණෙනු ඇති බවට වාර්තා වනවා.
නව ප්‍රධාන විධායක නිලධාරිවරයා සිය රාජකාරී ආරම්භයේදී පැවසුවේ වික්ටෝරියා ගිලන් රථ සේවයේ වෘත්තීය සමිති නියෝජිතයන් හමුවී මාස අටක් පුරා පැවති වැටුප් සහ කොන්දේසි ගැටලු විසඳීමට කටයුතු කරන බවයි.
හදිසි සිදුවීමකදී ගිලන් රථවල ප්‍රතිචාර දැක්වීමේ වේලාවන් වැඩිදියුණු කිරීම ඇතුළු පද්ධතියේ ගැටළු විසඳීම සඳහා රෝහල් සහ වෘත්තීය සමිති සමඟ කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබුණා.