Search

මෙල්බන්වල සිටි ලංකික තරුණයෙකු ගැන දුක හිතෙන පුවතක්

ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලංකික තරුණයෙකු මෙල්බන්වලදී සිරුරට ගිනි තබා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

23 හැවිරිදි මනෝ යෝගලිංගම් පෙරේදා රාත්‍රී මෙල්බර්න් හි Noble Park ප්‍රදේශයේදී මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත වික්ටෝරියා පොලිසිය සහ හදිසි සේවා නිලධාරීන් පැමිණ මෙම තරුණයා බරපතල තත්වයෙන් රෝහල් ගත කළ අතර ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ මිය ගොස් තිබෙනවා.

මනෝ යෝගලිංගම්ගේ මිතුරන් පැවසුවේ ඔහු 2013 වසරේ ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ වසර 11ක පමණ කාලයක් බ්‍රිජින් වීසා (bridging visa) මත සිට ඇති බවයි.

මෙම සරණාගත තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විරෝධය පළ කරන බව ද සඳහන්.

දමිළ සරණාගත කවුන්සිලය පැවසුවේ මනෝ යෝගලිංගම් bridging visa වීසා මත ගත කළ කාලය ඔහුගේ මරණයට හේතු වූ සාධකයක් ලෙසට තමන් විශ්වාස කරන බවයි.

සරණාගත භාවය සඳහා මෙම ශ්‍රී ලංකික තරුණයාගේ ඉල්ලීම 2014 දී හඳුන්වා දුන් මතභේදාත්මක ක්‍රමය යටතේ ප්‍රතික්ෂේප වූ අතර ඊට අභියාචනා කිරීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසට මෙම සියදිවි හානි කර ගැනීම පෙන්වා දිය හැකි බව ද කවුන්සිලයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සිදුවීමත් සමග ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ පීඩාවට පත් පවුලේ සාමාජිකයන්ට දෙපාර්තමේන්තුවේ ශෝකය පළ කරන බවයි.

මෙම තරුණයාගේ මරණයට විරෝධය දැක්වීම සඳහා ඔහුගේ මිතුරන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ඩොක්ලන්ඩ්ස් කාර්යාලය අසලට රැස්ව සිටියා.

එහි පැමිණ සිටි බොහෝ දෙනෙකු සඳහන් කළේ මනෝ යෝගලිංගම් වැනි bridging visa මත වසර ගණනාවක් ගත කර පුද්ගලයන් මෙහි සිටි නතර බ්‍රිජිං වීසා මත වසර ගණනාවක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ පුද්ගලයන්ට ස්ථිර බලපත්‍රයක් ලැබෙන ලෙසට ප්‍රතිපත්ති වෙනස් කරන ලෙසටයි ඔවුන් ෆෙඩරල් රජයෙන් ඉල්ලා ඇත්තේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »