Search

දැඩි සුළඟත් සමග වික්ටෝරියා මාර්ගයක අවාසනාවන්ත සිදුවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Gellibrand ප්‍රදේශයේදී මෝටර් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුගලයෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

ඔවුන් ගමන් කළ මෝටර් රථයට මෙම ගස කඩා වැටී ඇති අතර සුන්බුන්වලින් බේරා ගැනීමට පෙර මෙම යුවළ පැයකට වැඩි කාලයක් රථයේ සිරවී සිටි බවයි සඳහන් වන්නේ.

මෙල්බර්න් නගරයට කිලෝමීටර් 175ක් පමණ දුරකින් පිහිටි ජෙලිබ්‍රෑන්ඩ් ප්‍රදේශයේදී මෙම අනතුර වාර්තා වී ඇත්තේ අද පැවති දැඩි සුළං තත්වයත් සමගයි.

අද දහවල් 1.30ට පමණ බෙරීස් පාර (Berrys Rd) අසල ප්‍රධාන පාරට ගස කඩා වැටීමෙන් පසු ඔවුන් දෙදෙනාම පැයකට වැඩි කාලයක් මෝටර් රථය තුළ සිරවී සිටි අතර රියදුරා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බව වික්ටෝරියා පොලිසියප්‍රකාශ කළ අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට බලපෑම් කර ඇති දැඩි සුළං තත්වය හමුවේ ගස් කඩා වැටීමෙන් ගොඩනැගිලි රැසකට හානි සිදු වී ඇති අතර නිවාස සහ ව්‍යාපාරික ස්ථානය 6000කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

අද උදෑසන කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනය කර තිබුණේ ඉදිරි පැය කිහිපය තුළ ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශවල ද දැඩි සුළං තත්වයෙන් බලපෑම් ඇති විය හැකි බවයි.

අද රාත්‍රියේදී වික්ටෝරියා ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 110 දක්වා ඉහළ යා හැකි බව ද අනතුරු අඟවා තිබෙනවා.

එමන්ම මාර්ගවල කඩාවැටුණු ගස් සහ සුන්බුන් පිළිබඳවද අවධානයෙන් සිටින ලෙසටයි රියදුරන්ගෙන් ඉල්ලා ඇත්තේ.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »