Search

සිඩ්නි රියදුරන්ට Toll rebates එපා වෙයි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රියදුරන් විසින් ඩොලර් මිලියන 80කට ආසන්න වටිනාකමකින් යුත් Toll rebates මෙතෙක් ඉල්ලුම් කර නොමැති බවට වාර්තා වනවා.

ඇතැම් රියදුරන්ට ඩොලර් දහස් ගණනක මුදලක් ආපසු ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රාන්ත රජයේ නව දත්තවලට අනුව, සිඩ්නි නගර කලාපයේ සිටින මෝටර් රථ රියදුරන් 350,000ක් පමණ ඔවුන්ගේ මාර්ග ගාස්තු වියදම් ආපසු ලබා ගත හැකි බව දැනුම් දී තිබෙනවා.

මෙම වසර ආරම්භයේදී රජය විසින් ගාස්තු සීමා කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන් අතර, මාර්ග භාවිතා කරන රියදුරන්ට ගෙවිය යුතු උපරිම මුදල ඩොලර් 60 දක්වා අඩු කරනු ලැබුවා.

මේ වන විට එමගින් සිඩ්නි නගරයේ මෝටර් රථ හිමියන්ට ඩොලර් මිලියන 39ක පමණ මුදලක් ආපසු ලබා දී තිබෙනවා.

රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ Auburn හි ඇතැම් රියදුරන්ට ඩොලර් 554ක පමණ ගාස්තු සහනයක් ලැබී ඇති බවයි.

ජනවාරි පළමු වනදා සිට ප්‍රාන්තයේ මාර්ග භාවිතා කිරීමේදී අය කළ ගාස්තුවලින් මෝටර් රථ රියදුරන්ට නැවත ලබාදීමට ඩොලර් මිලියන 79ක් ඉතිරිව ඇති බවයි දැනුම් දෙන්නේ.

සතියකට ඩොලර් 60ට වඩා සහ ඩොලර් 400ට වඩා අඩුවෙන් වියදම් කරන රියදුරන්ට මෙම යෝජනා ක්‍රමය හරහා ඔවුන්ගේ ගාස්තු ආපසු ලබා ගැනීමට හැකියි.

ඩොලර් 400 ට වැඩි ගාස්තු සඳහා අර්ධ වශයෙන් ආපසු ලබා ගත හැකි බවයි සඳහන් වන්නේ.

මෝටර් රථ හිමියන්ට එක් කුපන් පතක් හෝ බලපත්‍රයක් සඳහා සතියකට උපරිම වශයෙන් ඩොලර් 340ක් දක්වා ලබා ගැනීමට හැකියි.

බොහෝ විට ගාස්තු අය කරන මාර්ග භාවිතා කරන 6000කට වඩා වැඩි පිරිසක් මේ වසරේ සාමාන්‍යයෙන් ඩොලර් 4000ක් බැගින් සහන ලබා ගැනීමට නියමිත බව ද සඳහන්.

තම e-Tag ඔවුන්ගේ ගිණුමට සම්බන්ධ කර ඇති රියදුරන් සඳහා කාර්තුමය වශයෙන් හිමිකම් ඉදිරිපත් කළ හැකි අතර මෙම සියලු මාර්ග ගාස්තු වියදම් ඉල්ලා සිටීමට මෝටර් රථ හිමියන්ට ලබන 2025 වසරේ ජුනි 30 දක්වා කාලය පවතිනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »