Search

ලොව මිලියනපතියන් වැඩිම නගර අතරට සිඩ්නි ත්

ලොව මිලියනපතියන් වැඩිම ප්‍රමාණයක් සිටින නගර 10 අතරට සිඩ්නි නගරය ද එක්වී තිබෙනවා.

ලොව වැඩි වශයෙන් මිලියනපතියන් සිටින රටවල් සහ නගර මොනවාද යන්න තීරණය කිරීම සඳහා ප්‍රයිම් කැසිනෝ (Prime Casino) විසින් සිදු කරන ලද මෙම පර්යේෂණයට ගෝලීයව ධනවතුන්ගේ වත්කම් දත්ත පරීක්ෂා කර ඇති බව සඳහන්.

මේ අනුව ලොව වැඩිම ධනවතුන් සිටින නගර අතරින් මුල් තැනට පැමිණ ඇත්තේ ස්විට්සර්ලන්තයේ සුරික් නගරයයි.

සමීක්ෂණ දත්තවලට අනුව සුරික් නගරයේ පුද්ගලයන් 100,000කට මිලියනපතියන් 20,374ක් සිටින බවයි වාර්තා වන්නේ.

සිංගප්පූරුව මෙම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැනට පත්ව ඇති අතර එරට පුද්ගලයන් 100,000 කට මිලියනපතියන් 4305ක් සිටින බව දැක්වෙනවා.

අයර්ලන්තයේ ඩබ්ලින් තුන්වන තැනට පත්ව තිබෙනවා. එරට 592,713ක් වන සමස්ත ජනගහනයෙන් පුද්ගලයන් 100,000කට මිලියනපතියන් 4083ක් සිටින බවයි සමීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය 4 වන ස්ථානයේ පසුවන අතර එහි පුගලයන් 100,000කට කෝටිපතියන් 4055ක් වාසය කරන බව සඳහන්.

5 වන ස්ථානයේ පසුවන සිඩ්නි නගරයේ පුද්ගලයන් 100,000 කට කෝටිපතියන් 2916ක් සිටින අතර මෙම ලැයිස්තුවට ඇතුළත් වූ එකම ඕස්ට්‍රේලියානු නගරය ද සිඩ්නි පමණයි.

මිලියනපතියන් වැඩි ප්‍රමාණයක් සිටින නගර අතුරින් එක්සත් රාජධානියේ ලන්ඩන් නගරය 6 වන ස්ථානයටත් ජපානයේ ටෝකියෝ නගරය 7 වන ස්ථානයටත් පැමිණ තිබෙනවා.

හොංකොං, නිව් යෝර්ක් සහ ඔස්ට්‍රියාවේ වියානා පිළිවෙලින් 8, 9 සහ 10 වන ස්ථානවලට පැමිණ ඇති බවයි ප්‍රයිම් කැසිනෝ (Prime Casino) විසින් සිදු කරන පර්යේෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »