ගර්භනී කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ සම්භාවිතාව මෑත කාලීනව ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
කිසිදු දිනක දරු ප්‍රසූතියක් සිදු නොකළ කාන්තාවන්ට සාපේක්ෂව ගැබ්ගෙන සිටි කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි බවයි මෙම අධ්‍යයනය මගින් තහවුරු වී ඇත්තේ.
මෙම අධ්‍යයනයට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල කාන්තාවන් 17,000 කට වැඩි කාන්තාවන් පිරිසකගේ දත්ත විශ්ලේෂණය කර තිබෙනවා.
අවසන් ගැබ්ගැනීම සහ දරු ප්‍රසූතියෙන් වසර පහක් තුළ පියයුරු පිළිකා ඇතිවීමේ සම්භාවිතාව වැඩි බවයි අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ.
නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය, මෙල්බන් විශ්ව විද්‍යාලය සහ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ඒකාබද්ධව සිදු කළ මෙම අධ්‍යයනය මගින් පියයුරු පිළිකා සම්බන්ධව කාන්තාවන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණ දත්ත රැසක් විශ්ලේෂණය කර තිබෙනවා.
එමෙන්ම මෑතදී දරු උපතක් සිදු කළ එමෙන්න්ම පියයුරු පිළිකා පිළිබඳ ඉතිහාසයක් ඇති කාන්තාවන්ට මෙම අවදානම තවත් වැඩි බව සඳහන්.
මෙතෙක් ගැබ් නොගත් කාන්තාවන්ට පියයුරු පිළිකා හඳුනා ගැනීමට වසර 20 කට වඩා වැඩි කාලයක් ගත විය හැකි බව ද අධ්‍යනය මගින් සොයාගෙන තිබෙනවා.
මව්කිරි දීම සහ පිළිකා අවදානම අතර කිසිදු සම්බන්ධයක් මෙමගින් හෙළිවී නොමැති අතර අධ්‍යයනයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ අවදානම් සහිත කාන්තාවන් මෙම සොයාගැනීම් තොරතුරු පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.