Search

පසුගිය මාස 12දී ඔස්ට්‍රේලියාවේ වැඩියෙන්ම වැටුප් වැඩි වූ රැකියා මෙන්න

පසුගිය මාස 12 තුළ විශාලතම වැටුප් වර්ධනයක් දක්නට ලැබුණු ඔස්ට්‍රේලියානු රැකියා සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

රැකියා සොයා ගැනීම සඳහා ජනප්‍රිය වෙබ් අඩවියක් වන SEEK සමීක්ෂණයේ දැක්වෙන්නේ තත්ත්ව කළමණාකරු (Quality manager) තනතුර සියයට 14.62 ක වැටුප් වෙනසක් සමගින් ඩොලර් 140,664 ක වැටුපක් සමගින් පළමු ස්ථානයේ පසුවන බවයි.

රෙජිස්ට්‍රාර්වරුන්, බැංකු කළමණාකරුවන සහ acquisition manager ද වැඩි වැටුප් ලබන්නන් අතර ඉහළින් සිටින අතර ඔවුන්ගේ වැටුප්වල පිළිවෙලින් සියයට 12.18, සියයට 11.65 සහ සියයට 11.64 ක වර්ධනයක් පවතිනවා.

වැඩි වැටුප් වර්ධනයක් සහිත වෘත්තීන් 10 න් පහක් සෞඛ්‍ය හා වෛද්‍ය අංශයේ වීම විශේෂත්වයක්.

2023-2024 මුල්‍ය වර්ෂය තුළ සාමාන්‍යයෙන් ඩොලර් 236,055ක වැටුපක් උපයන, ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන සෞඛ්‍ය සේවා වෘත්තීය ලෙසට හඳුනාගෙන ඇත්තේ මනෝ වෛද්‍ය සේවවායි.

අදාළ කාලය තුළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් ඩොලර් 232,682ක්, සාමාන්‍ය වෛද්‍යවරුන් ඩොලර් 232,450 ක් සහ සෞඛ්‍ය සේවා පිළිබඳ මාණ්ඩලික විශේෂඥයින් ඩොලර් 222,503ක වැටුපක් ලබාගෙන තිබෙනවා.

SEEKහි පාරිභෝගික විශ්ලේෂණ ප්‍රධානී Leigh Broderick පැවසුවේ තම රැකියාවේ වෙනසක් හෝ වඩා හොඳ වැටුපක් සොයන සේවකයන්ට මෙම තොරතුරු ඵලදායී වනු ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ විශාලතම වැටුප් වර්ධනයක් සහිත රැකියා අතරට තත්ත්ව කළමනාකරු, රෙජිස්ට්‍රාර්, බැංකු කළමනාකරු:, හෙද අධ්‍යක්ෂ, මනෝචිකිත්සක, ව්‍යාපෘති අධ්‍යක්ෂ වැනි වෘත්තීන් වන බවයි SEEK වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

Top 10 roles with the largest salary growth

  • Quality manager: $140,664 average salary, 14.62 per cent salary change
  • Registrar: $145,176 average salary, 12.18 per cent salary change
  • Banking manager: $143,932 average salary, 11.65 per cent salary change
  • Acquisition manager: $145,901 average salary, 11.64 per cent salary change
  • Director of nursing: $149,873 average salary, 8.92 per cent salary change
  • Staff specialist: $222,503 average salary, 8.43 per cent salary change
  • Facilities manager: $146,867 average salary; 7.57 per cent salary change
  • Psychiatrist: $236,055 average salary, 6.58 per cent salary change
  • Engineering lead: $171,441 average salary, 6.23 per cent salary change
  • Reliability engineer: $158,347 average salary; 4.88 per cent salary change

Top 10 highest paying roles

  • Psychiatrist: $236,055 average salary, 6.58 per cent salary change
  • Project director: $232,682 average salary, 3.73 per cent salary change
  • General practitioner: $232,450 average salary, 0.14 per cent salary change
  • Staff specialist: $222,503 average salary, 8.43 per cent salary change
  • Engineering manager: $181,783 average salary, 0.39 per cent salary change
  • Engineering lead: $171,441 average salary, 6.23 per cent salary change
  • Financial planning and analysis manager: $167,445 average salary, 0.86 per cent salary change
  • Electrical supervisor: $164,545 average salary, 2.01 per cent salary change
  • Reliability engineer: $158,347 average salary, 4.88 per cent salary change
  • Functional consultant: $155,266 average salary, 0.25 per cent salary change

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »