Search

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට තවත් සීමාවක්

2025 වසෙර්දී ඔස්ට්‍රේලියාවේ නව ජාත්‍යන්තර ශිෂ්‍ය බඳවා ගැනීම් 270,000ක් දක්වා සීමා කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

අද උදෑසන සිඩ්නිහි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය Jason Clare සඳහන් කළේ මෙය යෝජිත ජාතික සැලැස්මේ ඉදිරි පියවරක් බවයි.

ඉහළ යන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව පාලනය කිරීම සඳහා රජයේ ප්‍රතිසංස්කරණවල එක් කොටසක් ලෙස මෙය ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධ පනත් කෙටුම්පත් මේ වන විටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

නව ප්‍රතිසංස්කරණ යටතේ පුද්ගලික විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල නොවන උසස් අධ්‍යාපන ආයතනවලට 2025 වසරේ දී නව ජාත්‍යන්තර සිසුන් 30,000ක් බඳවා ගැනීමට අවසර හිමිවනු ඇති.

2022-2023 මුල්‍ය වර්ෂයේදී ශුද්ධ සංක්‍රමණ 528,000 සිට 2024-2025 මූල්‍ය වර්ෂය වන විට ජාත්‍යන්තර සිසුන් 260,000 දක්වා කපා හැරීමට ද මේ වන විට ෆෙඩරල් රජය කටයුතු කරමින් පවතිනවා.

ජාත්‍යන්තර සිසුන් සඳහා ආපසු නොගෙවන අයදුම්පත් ගාස්තුව දෙගුණයකට වඩා වැඩි කිරීම වැනි හේතුන් මත තවදුරටත් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව පහත වැටෙනු ඇති බවයි සඳහන් වන්නේ.

ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණිම නිවාස අර්බුධයට සෘජුව බපලෑම් නොකරන බවට බොහෝ පිරිස් තර්ක ඉදිරිපත් කර තිබුණ ද අධ්‍යාපන අමාත්‍යවරයා අද කළ ප්‍රකාශයත් සමග තවදුරටත් මෙරට අධ්‍යාපනය සඳහා එන ජාත්‍යන්තර සිසුන්ට ඇති අවස්ථා අහිමි වන බවක් පෙන්නුම් කෙරෙන බව විචාරකයන් පෙන්වා දෙනවා.

මෙරට අධ්‍යාපන දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව 2023 වසරේදී ජාත්‍යන්තර අධ්‍යාපනය යනු ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 47.8ක ආදායම් උපයා දුන් ක්ෂේත්‍රයක් වනවා.

එය ඔස්ට්‍රේලියාවේ ඉහළම ආදායම් ලබන ක්ෂේත්‍ර පහට අයත් වන අතර අනෙක් ඒවා වන්නේ යකඩ, ගල් අඟුරු, රත්‍රන් සහ ස්වාභාවික වායු ද යන කර්මාන්තයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »