වික්ටෝරියා ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ රික්ටර් පරිමාණයේ ඒකක 3.0 ක භූ චලනයක් සිදු වී තිබෙනවා.
මෙල්බර්න් නගරයට කිලෝමීටර් 188ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි සැන්ඩි පොයින්ට් (Sandy Point) ආසන්නයේ රාත්‍රී 7.54ට කම්පනය සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
එම කම්පන තත්වය සම්බන්ධයෙන් වාර්තා 80 කට වඩා භූ විද්‍යා බලධාරීන්ට ලැබී තිබෙනවා.
මෙම භූ කම්පනය කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් ඇති වූ අතර සැලකිය යුතු හානියක් පිළිබඳ වාර්තා නොමැති බවයි සඳහන් වන්නේ.
වික්ටෝරියා හදිසි සේවා නිලධාරීන් ප්‍රාන්ත ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ මෙම භූ කම්පනය හමුවේ සිදු වූ දේපල හානියක් සහිත හෝ උපකාර අවශ්‍ය ඕනෑම අයෙකුට 132 500 අංකයට ඇමතුම් ලබා දෙන ලෙසටයි.
මෙම භූ කම්පනය වාර්තා වන්නේ ප්‍රාන්තයේ ඉහළ ප්‍රදේශයෙන් වාර්තා වූ රිච්ටර් මාපක 4.1ක භූමිකම්පාවෙන් සති තුනකට පසුවයි.