Search

වික්ටෝරියා නවතම invitation round අද – සියලු විස්තර මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ skilled and business migration වැඩසටහන සඳහා අද ආරාධනා වටයක් හෙවත් invitation round පවත්වන බවට දැනුම් දී තිබෙනවා.

skilled and business migration සඳහා බලාපොරොත්තුවෙන් පසුවන්නන්ට සේවාදායකයින්ගේ ROI ලියාපදිංචි කිරීම පිළිබඳව අද දිනයේ තොරතුරක් නොලැබුණේ නම් එමගින් අදහස් කරනු ලබන්නේ අද දිනයේ ආරාධනා කර නොමැති නමුත් සුදුසුකම් ලබා ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත සංක්‍රමණ බලධාරීන් සඳහන් කළේ

ඔවුන්ගේ ROI ඉදිදියේදී පැවැත්වෙන තේරීම් වටවලදී සලකා බලන අතර ඔවුන්ගේ EOI සහ ROI යන දෙකෙහිම සියලුම තොරතුරු නිවැරදි නම් කිසිදු වැඩිදුර ක්‍රියාමාර්ගයක් අවශ්‍ය නොවන බව ද දැනුම් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියා රජය 2024-2025 වැඩසටහන සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ වෙත Skilled visa Nomination 5,000ක් වෙන් කර ඇති බව සඳහන්.

ඒ අනුව Skilled Nominated visa (subclass 190) යටතේ පුහුණු ශ්‍රමිකයන් 3,000ක් සහ Skilled Work Regional (Provisional) visa (subclass 491) යටතේ පුහුණු ශ්‍රමිකයන් 2000ක් බඳවා ගැනීමට අවස්ථාව හිමි වන බව සඳහන්.

මේ සඳහා සංක්‍රමණික ශ්‍රමිකයන්ට තිබිය යුතු සුදුසුකම් සහ අනෙකුත් අවශ්‍යතා මෙන්ම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු Live in Melbourne වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන බවයි වික්ටෝරියා රජය නිවේදනය කර ඇත්තේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »