Search

ශ්‍රී ලංකාවට ගිය ඔස්ට්‍රේලියා නාවික ලුතිනන්වරයෙක් නුගේගොඩින් අතීත උරුමය සොයා ගනී

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන Indo-Pacific Endeavor (IPE) 2024 වැඩසටහන සඳහා ගොස් සිටින ඕස්ට්‍රේලියා නාවික හමුදාවේ ලුතිනන් ජොනතන් විල්ස් (Lieutenant Jonathan Wills) එම සංචාරයේදී තම අතීත උරුමයන් සම්බන්ධයෙන් ගවේෂණයක් සිදු කර තිබෙනවා.

තම මවගේ උපන් ගම් ප්‍රදේශය වන නුගේගොඩ Henricus Avenue වෙත ගිය ඔහු තම පවුල් ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයා බලා ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම කලාපීය ක්‍රියාකාරකමක් වන Indo-Pacific Endeavor (IPE) 2024 ශ්‍රී ලංකාවේදී ආරම්භ වන අතර, අග්නිදිග ආසියාව සහ ඉන්දීය සාගර කලාපයේ රටවල් 14ක් සමඟ මාස පහක් පුරා විවිධ ක්‍රියාකාරකම් සිදු කෙරෙනු ඇති.

මෙම වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගොස් සිටින ලුතිනන් ජොනතන් විල්ස් සඳහන් කළේ ජීවිතයේ වැඩි කාලයක්
ඔස්ට්‍රේලියාවේ ගත කළ ද තම ශ්‍රී ලාංකීය උරුමය ගැන ආඩම්බර වන බවයි.

ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් සඳහා තමාගේ මවගේ උපන් බිමට එක් දිනක් හෝ පැමිණීමට සිදු වනු ඇතැයි නාවික හමුදාවට බැඳෙන විට කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ බව ද ඔහු ප්‍රකාශ කළා.

තමා අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණෙන විට වයස අවුරුදු පහක් වූ තමන් යළි මවගේ උපන් බිමට පැමිණ ඇයට දුරකථන ඇමතුමක් ලබාදුන් බවයි ලුතිනන් ජොනතන් විල්ස් කියාසිටියේ.

ලුතිනන් විල්ස්ගේ මව ජුඩිත් විල්ස් (Judith Wills) ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ නිරතව සිටි නිලධාරියෙකුගේ දියණියක් වන අතර ඇය පියාගේ රාජකාරී ස්වභාවය හේතුවෙන් රට පුරා නගර රැසක ජීවත්වී තිබෙනවා.

ඇය ලුතිනන් විල්ස්ගේ පියා වූ එවකට ස්කොට්ලන්ත තේ වතු කළමනාකරුවෙකු ලෙස සිටි ටෝනි මුණගැසී විවාහ වූ අතර අනෙකුත් බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඔවුන්ද 1960 ගණන්වල අගභාගයේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ බව සඳහන්.

තමා සහ සහෝදර සහෝදරියන්ගේ ප්‍රියතම ආහාර වන බිත්තර ආප්ප, සීනි සම්බෝලය, ලම්ප් රයිස් සහ පොල් සම්බෝල වැනි ශ්‍රී ලංකික ආහාර ලබා දෙමින් ශ්‍රී ලාංකීය උරුමයට සම්බන්ධ කළ බවයි ලුතිනන් විල්ස් ප්‍රකාශ කර ඇත්තේ.

ඔහුගේ සීයා කෙනෙකු වන ලුතිනන් කමාන්ඩර් ඇලන් හෙන්රිකස් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙන්ම 1970 ගණන්වල ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පසු ඔස්ට්‍රේලියා නාවික හමුදාවේ ද සේවය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා ජාතික සමුද්‍ර කෞතුකාගාරයේ ඇති ඔස්ට්‍රේලියාවේ ආරම්භය, සංවර්ධනය සහ පරිණාමය සම්බන්ධයෙන් නාවික හමුදාවේ දායකත්වය සිහිපත් කරන එකතුව ඔහු විසින් පිහිටුවනු ලැබූ එකක් බව ද සඳහන්.

ඇලන් හෙන්රිකස්ගේ වැඩිමහල් සහෝදරයා වන ඇන්ස්ඩේල් හෙන්රිකස් ද ඔස්ට්‍රේලියාවට සම්බන්ධයක් ඇති අයෙක් වන අතර ඔහු 1938 වසරේ දී සිඩ්නිහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ බව ද ලුතිනන් විල්ස් හෙළි කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා ඉදිරිපත් වූ පළමු අවස්ථාව එය වන අතර බොක්සිං ක්‍රීඩාවලින් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන්නේ තම සීයා බව ද ඔහු ප්‍රකාශ කළා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ජයග්‍රහණයෙන් පසුව ඇන්ස්ඩේල් හෙන්රිකස් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා ශ්‍රී ලංකා පොලිස් බලකායේ සේවය කර තිබෙනවා.

ලුතිනන් විල්ස්ගේ විශාල පවුල කලක් ජීවත් වූ Henricus Avenue තවමත් නුගේගොඩ තදාසන්න ප්‍රදේශයේ පවතිනවා.

තමාගේ පවුලේ ඉතිහාස කතාවෙන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ජනතාවගේ සම්බන්ධය ගැඹුරු බව පෙන්නුම් කෙරෙන බවයි ලුතිනන් විල්ස් කියාසිටියේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »