Search

දියණිය බේරා ගන්න ආ පියාට මෙල්බන්වලදී වෙඩි

මෙල්බන් Cranbourne East ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් 58 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

21 හැවිරිදි තම දියණියගේ මෝටර් රථය පසුපස හඹා ආ තවත් මෝටර් රථයක සිටි පුද්ගලයෙකු සමග සිදු වූ බහින් බස් වීමකදී මෙම පියාට වෙඩි වැදී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම තරුණිය අද අලුයම 12.25 ට පමණ Cranbourne East ප්‍රදේශයේ තම රථය පදවාගෙන යමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු තමන් පසුපස හඹා එන බවට වටහා ගැනීම හේතුවෙන් ඇය ඒ පිළිබඳ පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ සමගින් සිද්ධිය පිළිබඳ පියා දැනුවත් කිරීමට ද ඇය කටයුතු කර ඇති අතර එහිදී ඔහු දියණියට ප්‍රකාශ කර ඇත්තේ නිවසට පැමිණෙන ලෙසටයි.

දියණිය නිවසට පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් සිටි මෙම පුද්ගලයා ඇයගේ මෝටර් රථය පසුපසින් පැමිණි රථයේ පුද්ගලයා සමග ඇති වූ බහින්බස් වීමකින් පසු එම රියදුරා මෙම පියාට දියණිය අසලදී ම වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

58 හැවිරිදි මෙම පියාගේ උදරයට වෙඩි වැදී ඇති අතර සැකකරු එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.

හදිසි සේවා ගිලන් රථ මගින් ඔහු රෝහල් ගත කර ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් සිදු වූ තුවාල මගින් ජීවිත තර්ජනයක් නොමැති බවයි පැවසෙන්නේ.

මෙම වෙඩි තැබීම සැලසුම් සහගත එකක් ලෙසට පොලිසිය විශ්වාස නොකරන අතර මෙම දෙපාර්ශවය එකිනෙකා දැන නොසිටි බවයි සඳහන් වන්නේ.

Cranbourne East ප්‍රදේශයේ ඊයේ තවත් මෝටර් රථ කොල්ලකෑමක් සහ පිහි ඇනුමක් වාර්තා වී ඇති අතර මෙම සිදුවීම් දෙක අතර සම්බන්ධයක් නොමැති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »