Search

සිඩ්නි මහ මග මැද අපරාධකරුවෙක් ඝාතනය කරයි

සිඩ්නි Harold Street ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Tarek Ayoub නම් පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්වී ඇති අතර ඔහු අද අලුයම 3.30ට පමණ Parramatta ප්‍රදේශයේ තවත් අයෙකු සමග ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

අලුයම 3.30 ට පමණ එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමග හදිසි සේවා නිලධාරීන් එම ස්ථානයට පැමිණ මූලික ප්‍රතිකාර ලබාදුන්නා ද ඔහු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

පොලිස් රහස් පරීක්ෂක ඩැනී ඩොහර්ටි සඳහන් කළේ මියගිය පුද්ගලයා විවිධ අපරාධ ජාලවලට සම්බන්ධකම් ඇති අයෙකු මෙන්ම පුද්ගල ඝාතන ඇතුළු ප්‍රචණ්ඩ අපරාධ පිළිබඳ විමර්ශනවලට සම්බන්ධ අයෙකු බවයි.

මෙම වෙඩි තැබීම අදාළ පුද්ගලයා ඉලක්ක කරගෙන සිදුවූ එකක් බැවින් මහජනතාවට අවදානමක් නොමැති බව පොලිසිය අවධාරණය කළා.

එමෙන්ම ඉදිරි දිනවලදී මෙවැනි ප්‍රහාර වැළක්වීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බවයි පොලිසිය කියාසිටියේ.

මේ අතර අද අලුයම 3.45 ට පමණ ග්‍රැන්විල්හි (Granville) ඇබෙකට් ස්ට්‍රීට් හි (A’beckett Street) තිබී ගිනි තැබූ මෝටර් රථයක් සොයා ගෙන ඇති අතර එය මීට පෙර සොරකම් කළ එකක් බවටයි වාර්තා වී ඇත්තේ.

කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු වෙනත් මෝටර් රථයකින් එම ප්‍රදේශයෙන් පිටත්ව යන ආකාරය ප්‍රදේශවාසීන් දැක ඇති අතර වෙඩි තැබීම සහ මෙම සිදුවීම අතර සම්බන්ධයක් ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුවී තිබෙනවා.

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »

Today’s Top Stories.2024.09.16

ජීවත් වීමට හොඳම රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට ලැබුණු තැන මෙල්බන්වල Casey කවුන්සිල මැතිවරණයට එන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර තවත් ඝාතන සැලැස්මක් නිවාස ගැටලුව

Read More »