බ්‍රිස්බේන් ගුවන් තොටුපළේ සේවකයන් පිරිසක් ආරම්භ කර ඇති වැඩ වර්ජනයක් හේතුවෙන් ගුවන් ගමන්වල ප්‍රමාදයන් මතු විය හැකි බවට මගීන්ට දැනුම්දීමක් කර තිබෙනවා.
මෙම වර්ජනය සංවිධානය කර ඇත්තේ විදුලි සේවක වෘත්තීය සමිතිය සහ නිෂ්පාදන සේවක සංගමය විසින් බවයි වාර්තා වන්නේ.
මෙම වෘත්තීය සමිතිවලට අයත් සේවකයන් කණ්ඩායමක් සේවයෙන් ඉවත්ව සිටින බැවින් අද දිනයේ ගුවන් ගමන් ප්‍රමාදයක් සිදු විය හැකි බවට ගුවන් තොටුපළ බලධාරීන් මගීන්ට දන්වා තිබෙනවා.
වැටුප් ගැටලුවක් හේතුවෙන් මෙම සේවකයන් පැය 24ක වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා සේවකයන් 30කට වැඩි පිරිසක් එක්ව සිටින බව සඳහන්.
එමගින් බ්‍රිස්බේන් ගුවන් තොටුපළේ දේශීය සහ ජාත්‍යන්තර පර්යන්තවල ගමන් මලු රැගෙනයාමේ සේවාවන්ට ද බලපාන බව දැනුම් දෙනවා.
මේ හේතුවෙන් තම ගුවන් ගමනට කල් වේලා ඇතිව පැමිණෙන ලෙසටයි ගුවන් තොටුපළ බලධාරීන් සංචාරකයින් ඇතුලු මගීන්ගෙන් ඉල්ලා ඇත්තේ.