ඊයේ දිනයේ ගිගුරුම් සහිත වැසි සහ දැඩි සුළං තත්වය හේතුවෙන් වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවල විශාල පිරිසකට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
ප්‍රාන්ත දෙකෙහිම පවුල් දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ පස්වරුවේ වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවල ප්‍රදේශ රැසකට ප්‍රබල ගිගුරුම් සහිත වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබුවා.
ඇතැම් සමහර ප්‍රදේශවල තද වර්ෂාපතනයක් පැවති අතර දැඩි සුළං සහ ගොල්ෆ් බෝල ප්‍රමාණයේ විශාල හිම කැට වර්ෂාවක් ද අද වැටී ඇති බව සඳහන්.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් පමණක් උපකාර සඳහා ඇමතුම් 400කට වඩා වැඩි ප්‍රමාණයක් හදිසි සේවා නිලධාරීන් වෙත ලැබී ඇති බව සඳහන්.
එම ඇමතුම්වලින් වැඩි ප්‍රමාණයක් කඩා වැටුණු ගස් සම්බන්ධයෙන් වන අතර ගොඩනැගිලි හානි සහ ගංවතුර සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී තිබෙනවා.
මෙල්බන් ගුවන් තොටුපළ සහ ඒ අවට පැයට කිලෝමීටර් 100ක වේගයකින් සුළං පැවති අතර මවුන්ට් බුලර් (Mount Buller) ප්‍රදේශයේ පැයට කිලෝමීටර 150ක වේගයෙන් සුළං හමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නිවාස 2000කට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති අතර කඩා වැටුණු ගස් ඉවත් කර මෙම නිවාසවලට විදුලිය ලබා දෙන්නේ කවදාද යන්න මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.
මේ අතර මෙම ප්‍රබල කුණාටු පද්ධතියෙන් අද දිනයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයට දැඩි සුළං සහ වැසි ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැයට කිලෝමීටර් 90 දක්වා වූ තද සුලං ඇති විය හැකි බවටයි දැනුම්දී ඇත්තේ.