Search

ජනප්‍රිය බර්ගර් අලෙවිසල් ජාලයක් ඔස්ට්‍රේලියාවේ ශාඛා වසා දමයි

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය බර්ගර් අලෙවිසල් ජාලයක් වන MOS Burger මෙරට සියලු වෙළඳසැල් දින කිහිපයක් ඇතුළත වසා දමන බව නිවේදනය කර තිබෙනවා.

MOS Burger සමාජ මාධ්‍ය ඔස්සේ සිය ගනුදෙනුකරුවන්ට සහ සේවක මණ්ඩලයට සමුගැනීමේ නිවේදනයක් තබමින් ප්‍රකාශ කළේ අගෝස්තු 31 වනදා වෙළඳසැල වසා දමන බවයි.

ඔස්ට්‍රේලියාවේ අලෙවිසැල් වසා දැමීමට දුෂ්කර තීරණයක් ගෙන ඇති බව ජාත්‍යන්තර සන්නාමයක් වන MOS Burger සිය නිවේදනය මගින් ප්‍රකාශ කර තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ පාරිභෝගිකයන් දැක්වූ සහයෝගයට ස්තුතිවන්ත වන අතර ඔස්ට්‍රේලියාවේ ජනතාවට සේවය කිරීම තම ආයතනයට ගෞරවයක් වන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

MOS Burger ඔස්ට්‍රේලියාවේ ස්ථාන තුනක සිය සේවා පවත්වාගෙන ගිය අතර එම සියල්ල පිහිටා තිබුණේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ යි.

MOS Burger ජපානයේ 1972 දී ආරම්භ කරන ලද අතර ආපනශාලා 1300 සමඟින් McDonald’s වැනි ආයතන සමග තරඟ කරමින් ඔවුන් ප්‍රමුඛතම ක්ෂණික ආහාර සමාගමක් බවට වර්ධනය වී තිබෙනවා.

සිංගප්පූරුව, තායිවානය, හොංකොං, තායිලන්තය, දකුණු කොරියාව සහ පිලිපීනය යන රටවල ආපනශාලා 400ක් ඇති MOS Burger ඔස්ට්‍රේලියාවේ ආයතනයක් මුලින්ම විවෘත කරනු ලැබුවේ 2011 වසරේ අප්‍රේල් මාසයේදීයි.

සමාගම වසා දැමීමට හේතුවක් ඉදිරිපත් නොකළ ද පිරිවැය ඉහළ යාම සහ ජීවන වියදම් පීඩනයට ලක්ව සිටින පාරිභෝගිකයන් හේතුවෙන් කර්මාන්තයට ගැටළු මතුවී ඇති බවට වාර්තා වනවා.

ගුවන් නියමුවාගේ අවධානයෙන් බ්‍රිස්බන් වෙත ආ ජීවිත රැසක් බේරෙයි

බ්‍රිස්බන් වෙත පැමිණෙමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක් පීඩන පද්ධතියේ ගැටළුවක් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රොක්හැම්ප්ටන් (Rockhampton Airport) ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

Read More »

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »