Search

අභ්‍යවකාශයේ සිරවූ ගගනගාමීන් රැගෙන එන සැලසුම NASA ආයතනය හෙළි කරයි

අභ්‍යවකාශයේ සිරවී සිටින Boeing Starliner යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා නැවත පෘථිවියට ගෙන්වා ගැනීමේ සැලැස්ම නාසා ආයතනය විසින් හෙළිදරව් කර තිබෙනවා.

Boeing Starliner අභ්‍යවකාශ යානයේ ගැටළු හේතුවෙන් දින 80ක් පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින NASA ගගනගාමීන් දෙදෙනා SpaceX Crew Dragon කැප්සියුලයක් මගින් පෘථිවියට ගෙන්වා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව ලබන 2025 වසරේ පෙබරවාරි මාසයේදී ඔවුන් නැවත පෘථිවියට පැමිණෙනු ඇති බව වාර්තා වනවා.

සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් (Sunita Williams and Barry Wilmore) යන ගගනගාමීන් දෙදෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) රැගෙන ගිය යානය කාර්ය මණ්ඩලයක් නොමැතිව නැවත පෘථිවියට පැමිණෙන බවයි නාසා ආයතනය පවසන්නේ.

ඔවුන් දෙදෙනා පසුගිය ජුනි 5 වනදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගමන් කළේ දින අටක මෙහෙයුමක් සඳහා වන අතර ඔවුන් ගමන් කළ යානයේ හීලියම් කාන්දු වීම ඇතුළු ගැටළු කිහිපයක් හේතුවෙන් ඔවුන්ට නැවත පැමිණීමට නොහැකිව තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට මාස අටක පමණ කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගත කිරීමට සිදුවනු ඇති.

නාසා ආයතනය පවසන්නේ මෙම ගගනගාමීන් දෙදෙනාම මීට පෙර, අභ්‍යවකාශයේ දිගු කාලීන රැඳී සිටීම් දෙකක් සම්පූර්ණ කර ඇති අතර පරීක්ෂණ පියාසැරියෙහි අවදානම් සහගත බව ද අවබෝධ කරගෙන සිටින බවයි.

61 හැවිරිදි විල්මෝර් සහ 58 හැවිරිදි විලියම්ස් ඔවුන්ගේ නැවත පැමිණීමේ සැලසුම් සඳහා සහාය වන අතර ඉදිරි මාස කිහිපය තුළ විද්‍යාත්මක කටයුතු සඳහා කාලය යොදවනු ඇති බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

ඇති වූ තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්, Boeing සමාගම කියා සිටියේ තමන් කාර්ය මණ්ඩලයේ සහ අභ්‍යවකාශ යානාවල ආරක්ෂාව පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරන බවයි.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධන වේගය පහතට

ඔස්ට්‍රේලියාවේ සැප්තැම්බර් වන විට වාර්ෂික වැටුප් වර්ධනය සියයට 3.5% දක්වා පහත වැටි ඇති බව සංඛ්‍යා ලේඛන කාර්යාංශය අද නිවේදනය කර තිබෙනවා.

Read More »