Search

පිහි ඇනුමක් සහ රිය අනතුරක් එකම තැනක

සිඩ්නි ප්‍රින්සස් හයිවේ සහ Old Bush Road මංසන්ධියේදී සිදුවූ රිය අනතුරකින් සහ පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙකු ඇතුලු 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරු 9 ට පමණ ඕල්ඩ් බුෂ් මංසන්ධියේදී වාහන දෙකක් අනතුරට පත්වීමෙන් පසු පොලිසිය, ගිනි නිවන භටයින් ගිලන් රථ එම ස්ථානයට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී පිහි ඇනුම් තුවාල සහිත පුද්ගලයෙකු එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

අනතුරට පත් එක් මෝටර් රථයක ගමන් කළ කාන්තාවක් ද තුවාලකරුවන් අතර වන බව පොලිසිය ප්‍රකාශ කළා.

පළා යාමට උත්සාහ කළ සැකකරු අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරියෙකුගේ අතකට තුවාල සිදුවී ඇති අතර එය බරපතල නොවන බව සඳහන්.

මෙම සිදුවීමෙන් ප්‍රජාවට කිසිදු තර්ජනයක් නොමැති අතර පොලිසිය සඳහන් කළේ සිදුවීම සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »