Search

“000” හදිසි ඇමතුම් සජීවී වීඩියෝවකින් දෙන්න අවස්ථාව

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ “000” හදිසි ඇමතුම් සඳහා වීඩියෝ තාක්ෂණය හඳුන්වා දීම අද සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

තමන් මුහුණදී සිටින තත්වයේ බරපතලකම හදිසි ඇමතුම් අංශයට සජීවීවම දැක බලා ගැනීමට අවස්ථාව ලබාදීමට මෙමගින් ජනතාවට හැකි වනු ඇති.

දුරකථනයෙන් කතා කිරීමට නොහැකි තරම් හදිසි අනතුරුදායක අවස්ථාවන්හිදී GPS තාක්ෂණය මගින් සිදුවීමට අදාළ නිශ්චිත ස්ථාන, වීඩියෝ හෝ ඡායාරූප යැවීම මෙන්ම කෙටි පණිවුඩ යැවීමට ද ඇමතුම්කරුවන්ට මෙමඟින් හැකියාව ලැබෙන බව සඳහන්.

මෙම වැඩසටහනේ මාස 12ක අත්හදා බැලීමක්, තෝරාගත් අගනගර සහ ප්‍රදේශ තුළ 2023 වසරේ පෙබරවාරි මාසයේදී ක්‍රියාත්මක වූ අතර සිඩ්නි බොන්ඩායි ජන්ෂන් පිහි ඇනුම සම්බන්ධ පරීක්ෂණයේදී ද එම තාක්ෂණය සහාය වී තිබුණා.

එමෙන්ම අතුරුදන් වූවන් 100කට අධික සංඛ්‍යාවක් සහ කැලෑබද ප්‍රදේශවල සංචාරය කරන්නන් 60 දෙනෙකු සොයා ගැනීමට ද මෙම තාක්ෂණය උපකාරී වූ බවයි නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ.

මෙමගින් කිසියම් සිදුවීමක් සඳහා ප්‍රතිචාර දැක්වීමට පෙර හදිසි සේවා කණ්ඩායම් නිලධාරීන්ට එම සිදුවීමේ සැබෑ ස්වරූපය දැක ගැනීමට හැකිවීමෙන් ඊට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිළි අදහසක් ලබා ගැනීමට ද හැකි වනවා.

සාමාන්‍යයෙන් නිව් සවුත්වේල්ස් පොලිසියට දිනකට හදිසි ඇමතුම් 1500කට වඩා ලැබෙන අතර මෙම තාක්‍ෂණය මගින් අදාළ ඇමතුම් සඳහා ඵලදායී ප්‍රතිචාර දැක්වීමට උපකාරී වනු ඇති බවයි සඳහන් වන්නේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »