නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හදිසි ගංවතුර තත්වයක්! ප්‍රදේශවාසීන්ට අනතුරු ඇඟවීම්!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවතින දැඩි කාලගුණය නිසා හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වන බවට අනාවැකි පල කර ඇති අතර උතුරු මැද වෙරළේ සිට සිඩ්නි නගරයට දකුණින් Illawara දක්වා සුළං කුණාටු ඇති වන බැවින් නිව් සවුත් වේල්ස් වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයකින්ම ජනතාවට වහාම ඉවත් වන​ ලෙසට නියෝග කර ඇත.

මේ අනුව​, NSW රාජ්‍ය හදිසි සේවය (SES) විසින් Taree, Dungog, Wingham, Port Macquarie, Cundletown, Lower Macleay, North Haven, Dunbogan, Laurieton, Macksville, North Macksville, Kings Point සහ Kempsey යන ප්‍රදේශයන්හි ජනතාවට ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර ඇත​.

අධික වර්ෂාපතනය සහ සුළං ජීවිතයන්ට තර්ජනයක් විය හැකි බැවින් ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) අනතුරු ඇඟවීමක් කර තිබේ.

අනාවැකි පල කර ඇති බලපෑමට ලක් වූ ප්‍රදේශ අතරට Hunter, metropolitan, Illawarra, southern tablelands, Australian Capital Territory and parts of mid-north coast, south coast, central tablelands, south-west slopes සහ​ Snowy Mountains දිස්ත්‍රික්ක ඇතුළත් වේ.

සිඩ්නි ඇතුළු සමහර වෙරළබඩ ප්‍රදේශවලට වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර අවදානමක් ඇති බව BOM අනතුරු අඟවා තිබේ.

 

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »