ඔස්ට්‍රේලියාවේ අවසන් වරට යාවත්කාලීන කර ඇති අධ්‍යාපන අමාත්‍යංශ දත්ත අනුව මේ වන විට මෙරට අධ්‍යාපනය හදාරන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 717,587ක් බවට වාර්තා වනවා.
ඉන් වැඩිම පිරිසක් චීන සිසුන් වන අතර එම අගය සටහන්ව ඇත්තේ 153,504ක් ලෙසයි.
මෙරට අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන් ගණන 16,380ක් වන අතර ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාවට හිමිවන්නේ 11 වන ස්ථානයයි.
ඉන්දීය සිසුන් 118,109ක් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන අතර නේපාල සිසුන් 57,010ක් ඔස්ට්‍රේලියාවේ සිටින බව නව දත්ත අනුව හෙළිවී තිබෙනවා.
ශ්‍රී ලාංකීක සිසුන් වැඩි පිරිසක් අධ්‍යාපනය හදාරන ප්‍රාන්තය වික්ටෝරියා වන අතර ලංකික සිසුන් 10,458ක් වික්ටෝරියා ප්‍රාන්තයේ අධ්‍යාපනය හදාරන බව සඳහන්.
වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින ජාත්‍යන්තර සිසුන් අතුරින් වැඩි දෙනෙක් ඉන්දීය සිසුන් වන අතර දෙවන ස්ථානය චීනයටත් තුන්වන ස්ථානය වියට්නාමයට සහ 4වන ස්ථානයට ශ්‍රී ලංකාවට ද හිමිවන බවයි අධ්‍යාපන දෙපාර්තමේන්තු දත්තවල දැක්වෙන්නේ.
අනෙකුත් ප්‍රාන්තවලට සාපේක්ෂව ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපනය හැදෑරීමට වඩාත් ප්‍රියතාවක් දක්වන ප්‍රාන්තය නිව් සවුත්වේල්ස් වුවද ශ්‍රී ලාංකික සිසුන්ගේ කැපී පෙනෙන වර්ධනයක් සිඩ්නි හි නොමැති බව එම දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.