සෑම ඔස්ට්‍රේලියානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු ළමා රැකවරණ මධ්‍යස්ථාන සොයා ගැනීමේ අර්බුධයකට ලක්ව සිටින බවට නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.
පවතින සෑම ළමාරක්ෂක ස්ථානයක් සඳහාම ඇතුලත් වීමට ඇති එක් අවස්ථාවක් සඳහා ළමුන් තිදෙනෙකුට වඩා වැඩි පිරිසක් අතර තරඟයක් පවතින බවයි හෙළිවී ඇත්තේ.
රටවල් නවයක ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් කළ ජාත්‍යන්තර අධ්‍යයනයකට අදාළව වික්ටෝරියා විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් කරනු ලැබූ සමීක්ෂණයකින් මෙම තොරතුරු හෙළිවී තිබෙනවා.
එමෙන්ම මෙහිදී අනාවරණ වී ඇති තවත් කරුණක් වන්නේ ඔස්ට්‍රේලියානුවන් 700,000ක පමණ පිරිසක් ළමා රැකවරණ මධ්‍යස්ථානයක් සඳහා පහසුකමක් නොමැති ප්‍රදේශවල ජිවත් වන බවයි.
ලොව පුරා ළමා ආරක්ෂණ ප්‍රවේශය අතින් හොඳම රටවල් නවයෙන් හතරවන ස්ථානයට ඔස්ට්‍රේලියාව පැමිණි අතර නෝර්වේ, ස්වීඩනය සහ ස්කොට්ලන්තය පිළිවෙලින් පළමු, දෙවන සහ තුන්වන ස්ථානවල පසු වනවා.
2020 වසරේ සිට මෙරට බොහෝ ප්‍රදේශවල ළමා රැකවරණ මධ්‍යස්ථාන වැඩිදියුණු වී ඇති අතර නව ළමාරක්ෂක ස්ථාන 80,000ක් නිර්මාණය කර තිබුණ ද ශ්‍රම බලකායේ දෙමාපියන්ට ගැටලු දැඩිව පවතින ප්‍රදේශ ඇති බවට ද හඳුනාගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ප්‍රදේශ (territory) අටෙන් පහක පවතින සෑම ළමාරක්ෂක හෝ පෙරපාසලක් සඳහා ළමුන් දෙදෙනෙකුට වඩා තරඟ කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.