Search

මෙල්බන් රියදුරන්ට ලබන සතියේ සිට දැඩි රථ වාහන තදබදයකට මුහුණ දෙන්න වෙයි !

වික්ටෝරියා සහ ස්වන්ස්ටන් (Victoria and Swanston streets) මාර්ග මංසන්ධිය වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙල්බන් CBD හි රියදුරන්ට ඉදිරියේදී සැලකිය යුතු ප්‍රමාදයකට මුහුණ දීමට සිදු වනු ඇති බවට දැනුම්දී තිබෙනවා.

මෙල්බර්න් හි CBD හි කාර්යබහුල මංසන්ධියක් සංවර්ධනය කිරීම හේතුවෙන් මාර්ග කිහිපයක් සති දෙකකට වැඩි කාලයක් වසා දැමීමට නියමිතයි.

මේ හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග භාවිතා කරන රියදුරන්ට සැලකිය යුතු ප්‍රමාදයකට මුහුණ දීමට සිදුවන අතර ට්‍රෑම් රථ ධාවනය ද අවහිර වන බවයි පැවසෙන්නේ.

ලබන 30 වනදා රාත්‍රී 10 සිට සැප්තැම්බර් 16 වනදා උදෑසන 5 දක්වා CBD හි උතුරු ප්‍රදේශයේ වික්ටෝරියා සහ ස්වන්ස්ටන් මාර්ග සම්බන්ධ වන මංසන්ධියේ සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතයි.

අදාළ කාලය තුළ A’Beckett සහ Queensberry වීදි අතර ස්වන්ස්ටන් මාර්ගය වසා දැමෙනු ඇති.

ප්‍රාන්ත රජය දැනුම් දී ඇත්තේ මෙම මාර්ග වසා දැමීම හේතුවෙන් රියදුරන්ට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදු වීමෙන් කාර්ය බහුල වේලාවන්වල විනාඩි 40ක් පමණ ප්‍රමාද විය හැකි බවයි.

මෙම කාලය තුල ට්‍රෑම් රථ ධාවනයට ද බලපෑම් එල්ලවන අතර මාර්ග අංක 1හි ට්‍රෑම් රථ ධාවනය වන්නේ නැගෙනහිර කෝබර්ග් සහ ලින්කන් චතුරශ්‍රය අතර පමණක් බව සඳහන්.

මෙම කාර්යබහුල මංසන්ධියේ ට්‍රෑම් රථ ධාවන පථ සංවර්ධනය කිරීමට කාර්ය මණ්ඩලය පැය 24 පුරා කටයුතු කරන අතර මේ පිළිබඳ දැනුවත්ව ඉවසීමෙන් කටයුතු කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »