Search

වීසා ගැටලුවලට විසඳුම් දෙන්න ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් ඔබ හමුවට

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර සහ නුදුරේදී ම කල් ඉකුත් වීමට නියමිත වීසා බලපත්‍ර සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සේවා කණ්ඩායමක් (Community Status Resolution Service team) ලබන සතියේ නිව් සවුත් වේල්ස් හි ග්‍රිෆිත් (Griffith) සහ ලීටන් (Leeton) ප්‍රදේශවලට පැමිණ වීසා ගැටලුවලට විකල්ප සහ විසඳුම් ලබා දීමට නියමිතයි.

වීසා බලපත්‍රය කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට ආසන්න ඕනෑම අයෙකුට මෙම ස්ථානයන්ට පැමිණෙන ලෙසටයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

මෙම අවස්ථාව සංක්‍රමණ සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට ආරක්ෂිතම ස්ථානයක් වනු ඇති බව ද ඔවුන් දැනුම් දෙනවා.

සංක්‍රමණ ගැටලු සහිත පුද්ගලයන්ට විවිධ වීසා ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කිරීමට, රටින් පිටත්වීමේ සහාය ලබා ගැනීමට සහ දැනට නීති විරෝධීව සිටින එහෙත් වීසා ලබා ගැනීමට සුදුසුකම් ඇති පුද්ගලයින්ට bridging visas ලබා ගැනීමට ද මෙහිදී හැකියාව ලැබෙනු ඇති.

මේ අනුව ලබන 27 වන අඟහරුවාදා සහ 28 බදාදා උදෑසන 9.30 සිට සවස 5 දක්වා නිව් සවුත්වේල්ස් හි ග්‍රිෆිත් පුස්තකාලය තුළදී ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් හමු විය හැකියි.

28 වන බදාදා උදෑසන 9.30 සිට සවස 5 දක්වා Leeton පුස්තකාලය තුළ දී ද නිලධාරීන් හමුවී වීසා ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට හැකි බවයි දැනුම් දෙන්නේ.

Meet inside the Griffith Library, 228 Banna Avenue, Griffith, NSW:
– Tuesday 27 August from 9:30 am to 5:00 pm
– Wednesday 28 August from 9:30 am to 5:00 pm
Meet inside the Leeton Library, Sycamore Street, Leeton, NSW:
– Thursday 29 August from 10:00 am to 5:00 pm

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »