සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේ ජනප්‍රිය pub අවන්හලක් වූ Tea Gardens ඩොලර් මිලියන 75කට අලෙවි කර තිබෙනවා.
Bondi Junction හි පිහිටි මෙම අවන්හල වසර 10කට පෙර මිලදී ගත් මුදල වැනි දෙගුණයක් වූ මිලකට වත්මන් ගැනුම්කරුට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.
Parramatta හි Woolpack හෝටලය සහ Rooty Hill හි Imperial Hotel හිමි Purkis පවුල විසින් 2014 වසරේදී ඩොලර් මිලියන 36 කට පබ් එක මිලදී ගෙන තිබූ අතර එය මෙම වසරේ විශාලතම හෝටල් ගනුදෙනුව ලෙසට වාර්තා අතරට එක් වෙමින් එය John and Sally Ryan වෙත අලෙවි කර තිබෙනවා.
මෙල්බන් සහ බ්‍රිස්බන් හි හෝටල් හිමිකාරීත්වය සහිත Ryans සමාගමට සිඩ්නි නගර කලාපයේ ද Ryan’s Bar, the Paragon Hotel, Ship Inn සහ Orient Hotel නම් අවන්හල්වල හිමිකාරීත්වය පවතිනවා.
ඒ අනුව ඔවුන්ගේ අවන්හල් ජාලයට එක්වන නවතම pub එක වන්නේ Tea Gardens අවන්හලයි.
සඳුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 7 සිට මත්පැන් අලෙවියට අවසර හිමිවන බලපත්‍රයක් ද ඔවුන්ට ලැබී ඇතැයි වාර්තා වන අතර එය බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා අලුයම 2 දක්වා විවෘතව තැබීමට ද අවසර පවතින බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ මෙතෙක් සිදු වූ විශාලතම පබ් අලෙවිය වන්නේ සිඩ්නි හි Crossroads Hotel වන අතර එය 2022 දී ඩොලර් මිලියන 160 කට අලෙවි කෙරුණා.