Search

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් තවමත් Mask දාන හේතුව

ඔස්ට්‍රේලියාවේ බොහෝ තරුණ කණ්ඩායම් විශේෂිත හේතුවක් හෝ රෝගී තත්වයක් නොමැතිව වුව ද තවමත් මුව ආවරණ භාවිත කිරීම සම්බන්ධයෙන් නව අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තිය සිදු වූ සමයේ අත්‍යවශ්‍ය අංගයක් වූ මුව ආවරණ පැළඳීම මේ වන විට වැඩි පිරිසක් අනුගමනය නොකරන ක්‍රියාවක් බවටයි පත්වී ඇත්තේ.

එහෙත් ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ වර්තමානයේදී ද මුව ආවරණ පැළඳීම මගින් බොහෝ ශ්වසන රෝගවලින් ආරක්ෂා වීමට හැකි වන බවයි.

වර්තමානයේදී සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට දිගු කාලීන COVID තත්වයන්, පීනස, කැස්ස වැනි COVID ආසාදනයෙන් පසුව පවතින රෝග ලක්ෂණ පවතින බව සඳහන්.

ඔස්ට්‍රේලියා වෛද්‍ය සඟරාවක නවතම වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ එළඹෙන ඔක්තෝම්බර් මාසය වන විට මෙරට දිගු කාලීන COVID රෝගීන්ගෙන් බහුතරය වයස අවුරුදු 30-39 කාණ්ඩයේ සහ අවුරුදු 20-29 වයස් කාණ්ඩයේ තරුණ කණ්ඩායම් වනු ඇති බවයි.

පොදු ප්‍රවාහනය, සංගීත ප්‍රසංග, සාද සහ ආපනශාලා වැනි ස්ථානවල මුව ආවරණ පැළඳ සිටීම මෙවැනි තත්වයක් තුල ගත හැකි ආරක්‍ෂිත පියවර බව සමීක්ෂණයට ලක්වූ තරුණ කණ්ඩායම් පෙන්වා දී තිබෙනවා.

පැය කිහිපයක් සඳහා ගන්නා එවැනි ආරක්‍ෂිත පියවර නොසලකා හැරීම මගින් තවත් දීර්ඝ කාලයක් රෝගී වී සිටීමට අවශ්‍ය නොවන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම පසුගියදා සිදු කළ ජාත්‍යන්තර සමීක්ෂණයකින් ද පෙනී ගොස් ඇත්තේ මුව ආවරණ නිවැරදිව පැළඳීමේදී ශ්වසන රෝග සම්ප්‍රේෂණය අඩු කිරීමට ඵලදායීව දායක වන බවයි.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »