ඔස්ට්‍රේලියා ඉතිහාසයේ 6 වන විශාලතම ලොතරැයි ත්‍යාගයට හිමිකම් කීමට බ්‍රිස්බේන් හි ජයග්‍රාහකයෙකු සමත්වී තිබෙනවා.
එය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අයෙකු මිලදී ගෙන ඇති අතර මෙතෙක් ලියාපදිංචි කර නොමැති වීම හේතුවෙන් ජයග්‍රාහකයා නිශ්චිතවම හදුනාගත නොහැකි බවයි ඔවුන් සඳහන් කළේ
අඛණ්ඩව සති හතරක් Division One ජයග්‍රහණය කිරීමට කිසිදු අයෙකු වාසනාවන්ත නොවීම හේතුවෙනුයි Powerball ලොතරැයියේ 1475 වන දිනුම් වාරය දක්වා මෙම ඩොලර් මිලියන 100ක ත්‍යාගය වර්ධනය වී තිබුණේ.
ලොතරැයි දිනුම් ඇදීමට පෙර ලොතරැයි ප්‍රකාශක ඇනා හොබ්ඩෙල් පැවසුවේ ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් අඩක් පමණ ටිකට් පතක් ලබා ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
පවර්බෝල් ලොතරැයිය මගින් මෙම වසරේ ක්වීන්ස්ලන්ඩ් හි ජයග්‍රාහකයින් හතර දෙනෙකු, NSW හි 5 දෙනෙකු, වික්ටෝරියා ප්‍රාන්තයේ එක් ජයග්‍රාහකයෙකු සහ දකුණු ඕස්ට්‍රේලියාවේ එක් ජයග්‍රාහකයෙකු බිහි කර තිබෙනවා.
පසුගිය මැයි මාසයේ අවසන් වරට ඩොලර් මිලියන 100ක පවර්බෝල් දිනුම් ඇදීම සඳහා ලොතරැයි මිලදී ගැනීමේ උපරිමය සවස 6.44ට පමණ වාර්තා වී තිබූ අතර විනාඩියක් තුළ ලොතරැයි 8000ක් අලෙවි වී තිබුණා.