Search

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් ලබා ගැනීම දුෂ්කර වන ලකුණු

ඔස්ට්‍රේලියාවේ විරැකියාව ඉහළ යාමත් සමඟ ආර්ථික වර්ධන වේගය මන්දගාමී වී ඇති වන බව නවතම වාර්තා මගින් හෙළිව තිබෙනවා.

ඒ අනුව මෙම නව මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානුවන් 101,500ක් රැකියා විරහිත භාවය අත්දකිනු ඇති බවයි නව සමීක්ෂණ මගින් අනාවරණය ඇත්තේ.

සේවා නියුක්තිය සියයට 0.8කින් පහත වැටීමත් සමග සේවා සුරක්ෂිතභාවය පිළිබඳව ද ගැටලු මතුව තිබෙනවා.

දැනට ඔස්ට්‍රේලියාවේ උද්ධමන අගය සියයට 3.6ක අගයෙහි තවදුරටත් පවත්වාගෙන යෑමට සංචිත බැංකුව ක්‍රියා කළ ද විරැකියාව වර්ධනය උද්ධමනයට සෘජුව බලපෑම් කරන බවයි Deloitte වාර්තා පෙන්වා දෙන්නේ.

1990 දශකයේ ඔස්ට්‍රේලියාවේ ආර්ථික අවපාතයෙන් පසු වර්තමානයේ ද එවැනි මන්දගාමී ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බව විශේෂඥයින් සඳහන් කර තිබෙනවා.

දළ දේශීය නිෂ්පාදිත අගය පහත වැටීම, ව්‍යාපාර කඩා වැටීම වැනි හේතු මත පුද්ගලික අංශ තවදුරටත් රැකියා කප්පාදු සිදු කිරීම මෙලෙස විරැකියාව ඉහළ යෑමට සෘජුව බලපාන සාධක බව සඳහන්.

Deloitte හි ආර්ථික හවුල්කරුවකු වන David Rumbens පැවසුවේ පෞද්ගලික අංශයේ නව රැකියා අවස්ථා බිහිවිම මන්දගාමී ස්වරූපයක් උසුනල බවයි.

විරැකියාව ඉහළ යාමත් සමඟ ශ්‍රම වෙළඳපොළ තවදුරටත් නරක අතට හැරිය හැකි බවයි විශේෂඥයින් අවධාරණය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »