Search

ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගය අපේක්ෂාවෙන් ඉන්න අයට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියා ලොතරැයි ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාගය හිමි වන ලොතරැයිය අද රාත්‍රියේ දිනුම් ඇදීමට නියමිතව තිබෙනවා.

අද පැවැත්වෙන මෙම Powerball දිනුම් ඇදීමේදී ඩොලර් මිලියන 100ක සුපිරි ත්‍යාගයක් ලබාදීමට නියමිත අතර එය මෙරට ලොතරැයි ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාගය ලෙසටයි සැලකෙන්නේ.

අද රාත්‍රී 7.30 දිනුම් ඇදීම සිදු කෙරෙන අතර මෙම සුපිරි ත්‍යාගය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් අඩක් පමණ ලොතරැයි මිලදී ගනු ඇති බවට ලොතරැයි බලධාරීන් අපේක්ෂා කරනවා.

එමෙන්ම දිනුම් ඇදීමෙන් පසු ජයග්‍රාහකයා සම්බන්ධ කර ගත හැකි වන ආකාරයෙන් ඔවුන්ගේ ලොතරැයි මාර්ගගතව ලියාපදිංචි කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම තනි පුද්ගල ලොතරැයි ත්‍යාගය වූ ඩොලර් මිලියන 150ක ජයග්‍රහණය පසුගිය මැයි මාසයේ වාර්තා වූයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන්.

ඔස්ට්‍රේලියාවේ සියලුම ලොතරැයි ක්‍රීඩා හරහා පසුගිය මුල්‍ය වර්ෂය තුළ ඩොලර් බිලියන 1.69කට වඩා වැඩි වටිනාකමකින් යුත් ජයග්‍රාහී අවස්ථා 476ක් වාර්තා වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ලොතරැයි ත්‍යාග මුදල් බැංකු ගිණුමක තැන්පත් කිරීමේදී ඒ මගින් උපයන ඕනෑම පොලී මුදලක් ආදායම් බද්දට යටත් වන අතර ලොතරැයි බලධාරීන් පෙන්වා දෙන්නේ තම වාසනාවෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට නම් වෘත්තීය මූල්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතු බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »