Search

ක්‍රිකට් ක්‍රීඩාව ඔස්ට්‍රේලියාවේ පාසල් විෂය මාලාවට

වික්ටෝරියා ප්‍රාන්තයේ ලාරා ද්විතීයික විද්‍යාලයේ (Lara Secondary College) සිසුන්ගේ ප්‍රාථමික විෂය මාලාවේ කොටසක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියා ලාරා ද්විතීයික විද්‍යාලය ක්‍රිකට් ක්‍රීඩාව සාමාන්‍ය විෂය බාහිර ක්‍රියාකාරකම්වලට වඩා විධිමත්ව විෂයයක් ලෙස හඳුන්වා දුන් පළමු පාසල බවටයි ඉතිහාසයට එක්වන්නේ.

මෙම පාසල විසින් ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් විෂයක් ලෙස හඳුන්වාදීම වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ආයතන සහ ඇකඩමි අතර ඇති සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙසට සිදුවූවක් බවය ද සඳහන්.

ක්‍රිකට් ක්‍රීඩාව විෂය බාහිර ක්‍රියාකාරකම් ලෙස පමණක් යොදා නොගෙන එය පන්ති කාමරයේ විෂයක් ලෙසට ගෙන ඒම වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන්ගේ අරමුණ වී තිබෙනවා.

ඇකඩමි ව්‍යාපාරයේ අරමුණ වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල්වල සිසුන්ට ක්‍රිකට් ගැන ඉගැන්වීම වන අතර සහභාගී වන සිසුන් සඳහා ක්‍රිකට් කේන්ද්‍ර කරගත් තේරීම් සහ සහතික ද ලබා දෙනු ඇති.

1877 දී එංගලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව මෙම ඓතිහාසික සිදුවීමේ 150 වැනි සංවත්සරය 2027 වසරේදී සැමරීමට ද විශේෂ තරගයක් ද සංවිධාන කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියාව තම ක්‍රිකට් ඉතිහාසය තුළ ලෝක කුසලාන ජයග්‍රහණ හයක්, T20 ලෝක කුසලාන ශූරතාවක් ද දිනා තිබෙනවා.

ගුවන් නියමුවාගේ අවධානයෙන් බ්‍රිස්බන් වෙත ආ ජීවිත රැසක් බේරෙයි

බ්‍රිස්බන් වෙත පැමිණෙමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක් පීඩන පද්ධතියේ ගැටළුවක් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රොක්හැම්ප්ටන් (Rockhampton Airport) ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

Read More »

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »