ඔස්ට්‍රේලියාවේ දේපළ වටිනාකම වැඩිම ප්‍රදේශ අතින් දෙවන ස්ථානයට ගෝල්ඩ් කෝස්ට් පත්ව තිබෙනවා.
තවමත් එහි ප්‍රථම ස්ථානයේ සිඩ්නි නගරය පසු වන අතර ගෝල්ඩ් කෝස්ට්හි නිවාස වටිනාකම පසුගිය මාස 12 තුළ සියයට 9කට වඩා වැඩි වීමක් පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ගෝල්ඩ් කෝස්ට් නගර මධ්‍යයේ දේපල වටිනාකම ඩොලර් මිලියන 1.17 දක්වා ඉහළ ගොස් ඇති අතර, සිඩ්නි නගර මධ්‍ය දේපල වටිනාකම ඩොලර් 500,000කින් අඩුවී අති බව සඳහන්.
මේ අතර Surfers Paradise, Broadbeach Waters, Paradise Point සහ Palm Beach ඇතුළු තදාසන්න ප්‍රදේශ ක්‍රමයෙන් දේපල සදහා වැඩි ඉල්ලුමක් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙනවා
එම ප්‍රදේශයන්ගේ දේපල මිල ගණන් ඩොලර් මිලියන 5 ඉක්මවා ඇති බව සඳහන්.
Ray White’s හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Nerida Consibee කියාසිටියේ පශ්චාත් කොවිඩ් සමය තුළ සංක්‍රමණිකයින් ද මෙම ප්‍රදේශවලට පැමිණීම නිවාස මිල ඉහළ හැමට හේතුවක් වී ඇති බවයි.