
ලෝක මට්ටමේ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන රුසියානු ජාතික අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත විය.
ඔහු සමඟ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකු සහ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිරන්ජන් දේව ආදිත්‍ය මහතා ද එම අවස්ථාවට එක් විය.
මෙල්නිචෙන්කෝ, ස්විට්සර්ලන්තය පදනම් කරගත් දැවැන්ත පොහොර සමාගමක් වන EuroChem සමූහ ව්‍යාපාරයේ සහ රුසියාව පදනම් කරගත් බලශක්ති සමාගමක් වන SUEK හි මහා පරිමාණ ආයෝජනයන් සිදුකර තිබේ.

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැහැදීමෙන් යුතුව අදහස් දැක්වූ මෙල්නිචෙන්කෝ මහතා, මේ වනවිට ඉදිකරමින් පවතින වරාය නගරයේ ක්‍රමෝපායික සැලසුම්කරණය පිළිබඳව සිය ප්‍රසාදය පළකළේ ය.
ශ්‍රී ලංකා රජය නුදුරේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට බලපැවැත්වෙන විශේෂ ආර්ථික කලාප නීතිය හඳුන්වා දීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එම පියවර මගින් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.

COMMENTS