Search

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් 35කට වීසා නොමැතිව ලංකාවට එන්න අවසර

වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් 35කට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මාස 06ක කාලයක් සඳහා අදාළ රටවල්වලට මෙම මෙම අවසරය ලබාදීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය සහ රුසියාව යන රටවලට මෙම වීසා සහනය හිමි වනු ඇති.

ඊට අමතරව චීනය, ඉන්දියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35 ක පුරවැසියන් සඳහා ලබන ඔක්තෝබර් පළමු වනදා සිට වීසා රහිතව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

ඒම රටවල් පහත පරිදි  වේ.

Australia, Austria, Bahrain, Belarus, Belgium, Canada, China, Czech Republic, Denmark, France, Germany, India, Indonesia, Iran, Israel, Italy, Japan, Kazakhstan, Malaysia, Nepal, Netherlands, New Zealand, Oman, Poland, Qatar, Russia, Saudi Arabia, South Korea, Spain, Sweden, Switzerland, Thailand, United Arab Emirates, United Kingdom and United States

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »