ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම යළි ආරම්භ කිරීමට යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් තීරණය කර තිබෙනවා.
ජර්මනිය / ප්‍රංශය / ඉතාලිය සහ ස්පාඤ්ඤය ඊට අයත්.
යුරෝපා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් එන්නත ආරක්ෂාකාරී බවට තහවුරු කිරීමත් සමගයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.
කෙසේවෙතත් රුධිර කැටි ගැසීමේ අවධානමත් සමග ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අත්හිටවූ ස්වීඩනය ඇතුලු රටවල් කිහිපයක් මෙතෙක් එන්නත ලබාදීම යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ.
ලෝක සෞඛ්‍ය සංවිධානයද ඊයේ සෑම රටකින්ම ඉල්ලා සිටියේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතය නතර කිරීමකින් තොරව පවත්වාගෙන යන ලෙසයි.
මේ අතර 03 වන කොවිඩ් රැල්ලක අවධානමක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නගරයට මාසයක සංචරණ සීමා පැණවීමට පියවර ගෙන තිබෙනවා.
තවත් කලාප 15 ක් ද අද මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමීමටයි ප්‍රංශ බළධාරීන් පියවර ගෙන ඇත්තේ.