සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු තමන්ට කිසිදු ප්‍රයෝජනයක් නොවන රුපවාහිනී නාලිකා නැරඹීම සඳහා ලියාපදිංචි වී ඇති බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
විවිධ චිත්‍රපටවල සිට නිවසේ ආහාරපිසීම, වැසිකිලි භාවිතයේ සිට ඇඳුම් පැළඳුම් දක්වා සෑම දෙයක්ම පාහේ ඔස්ට්‍රේලියාව තුළ රූපවාහිනිය ඔස්සේ ව්‍යාප්ත වී ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ප්‍රකාශ කර ඇත්තේ එවැනි නිෂ්ඵල රුපවාහිනී නාලිකා සඳහා මුදල් ගෙවා ලියාපදිංචි වීම් නතර කර ඩොලර් සිය ගණනක් ඉතිරි කර ගන්නා බවයි.
මීට පෙර එක වරක් කිසියම් හෝ අවශ්‍යතාවකට මිලදී ගත් එවැනි නාලිකා සඳහා තවදුරටත් ගෙවීම් කිරීමට ඇතැමුන්ට සිදුවී ඇති බව විශේෂඥයින් පෙන්වා දෙනවා.
Easy Money හි ප්‍රධානි ජොයෙල් ගිබ්සන් පැවසුවේ මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම උගුලක් බවයි.
අදාළ නාලිකා මගින් පාරිභෝගිකයන්ගේ ගිණුම් තොරතුරු ලබා ගැනීමෙන් පසු එම සේවාව භාවිතා නොකළ ද ගෙවීම අඛණ්ඩව සිදු කරගෙන යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙවැනි ලියාපදිංචි වීම් අවලංගු කිරීම පහසු වන අතර ඒවා අවලංගු කිරීමට නම් තමන් එවැනි නාලිකාවක් ලබාගෙන ඇති බවට අවධානයේ තිබිය යුතු බව ද විශේෂඥන් සඳහන් කරනවා.
National Australia Bank දත්ත පෙන්වා දෙන්නේ එවැනි නාලිකා ග්‍රාහකයින් අදාළ ලියාපදිංචි වීම් අවලංගු කරමින් මාසයකට ඩොලර් 56 ක් ඉතිරි කර ගන්නා අතර එය වසරකට ඩොලර් 670ක් පමණ වන බවයි.