රිය අනතුරකින් මියගිය 05 හැවිරිදි දැරිය වෙනුවෙන් දසතින් ශෝකය – AusLanka TV – Australian News for the Sri Lankan community

රිය අනතුරකින් මියගිය 05 හැවිරිදි දැරිය වෙනුවෙන් දසතින් ශෝකය

රිය අනතුරකින් මියගිය 05 හැවිරිදි දැරිය වෙනුවෙන් දසතින් ශෝකය

සිඩ්නි නුවර ප්ලම්ප්ටන් හිදී පාර මාරු වෙමින් සිටි 05 හැවිරිදි දැරියක පදික මාරුවේදී මෝටර් රථයක ගැටීමෙන් මිය යාම සම්බන්ධයෙන් මේ වනවිට මාධ්‍ය ඔස්සේ දැඩි කණස්සල්ලක් පළවී තිබෙනවා.

සිය මවත් සමග වෙළඳසැලක් කරා ගමන් ගනිමින් සිටියදීයි පසුගිය බදාදා රාත්‍රියේ ඇය මෙම ඛේදවාචකයට මුහුණදුන්නේ.

මවගේ තත්වයද අසාධ්‍ය වන අතර ඇයගේ පාදවලට දැඩි ලෙස හානි සිදුවී තිබෙනවා.

අනතුර සිදුවු ස්ථානය අසල මල් පොකුරු / බැලූන සහ සෙල්ලම් භාණ්ඩ තබා ඇත්තේ මියගිය 05 හැවිරිදි දැරිය වන Alannah Sobolewski සිහි කිරීම සඳහායි.

COMMENTS