Search

තලතා මන්ත්‍රී ධුරය එපා කියමින් සජබයෙනුත් ඉවත් වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කළේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් මෙන්ම සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවයි.

එක්සත් ජාතික පක්ෂය කඳවුරු දෙකකට බෙදි කටයුතු කිරීම හේතුවෙන් තම හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමේදී දැඩි අපහසුතාවයට පත් වන බව මන්ත්‍රීවරිය මෙහිදී කියාසිටියා.

2020 වන විට එක්සත් ජාතික පක්ෂයෙ නායකත්වය වෙනස් විය යුතු බවට වූ යෝජනාවක් ගෙන එමින් සමගි ජනබලවේගය නිර්මාණය කළ ද අනාගතය ගැන නොසිතා ගත් තීන්දු හේතුවෙන් දැවැන්ත පක්ෂයක් දෙකඩ වූ බවයි තලතා අතුකෝරල පෙන්වා දුන්නේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »