ලොව දීර්ඝතම මුද්දරය ලෙසට සැලකෙන සමරු මුද්දරයක් ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඓතිහාසික ශ්රී දළදා පෙරහර සංකේතවත් කෙරෙන එම මුද්දරය දිගින් මිලි මීටර් 205ක් වන බවයි සඳහන් වන්නේ.
එය ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ වෙත පිරිනමා තිබෙනවා.
ශ්රී දළදා මාළිගාව සහ බෞද්ධ සංස්කෘතිය ආශ්රයෙන් නිර්මාණය කරන ලද මුද්දර, සිහිවටන පත්රිකා සහ මුල්දින කවර එකතුවක් ශ්රී දළදා මාළිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා දියවඩන නිලමේවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදි සිදු කෙරුණා.