Search

ෂැංහයි සිට මෙල්බන් දක්වා ප්‍රථමවරට සෘජු ගුවන් ගමනකට අවස්ථාවක්

චීනයේ පෞද්ගලික ගුවන් සමාගමක් වන Juneyao Airlines විසින් චීනයේ ෂැංහයි සිට මෙල්බන් දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ලබන දෙසැම්බර් මස සිට මෙම සේවා ආරම්භ කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

Juneyao Airlines විසින් දෙසැම්බර් 19 වනදා සිට මෙල්බර්න් ගුවන් තොටුපළ දක්වා සතිපතා ගුවන් ගමන් තුනක මූලික කාලසටහනක් ක්‍රියාත්මක කිරීමටයි නියමිතයි.

ලබන ජනවාරි සහ පෙබරවාරි වන විට දෛනික සේවාවක් බවට වර්ධනය කිරීමටද පියවර ගෙන තිබෙනවා.

Juneyao Airlines ඔස්ට්‍රේලියාව බලා පියාසර කරන පළමු අවස්ථාව මෙය වන අතර මේ සදහා සමාගමට අයත් බෝයිං 787-9 භාවිත කරනු ඇති බව සදගන්.

එහි ආසන 324 කින් සමන්විත වන අතර ගුවන් මගීන් සදහා සුවපහසු ගුවන් අත්දැකීමක් ලබා දීමට ද සැලසුම් කර තිබෙනවා

මෙල්බර්න් ගමනාන්තය ලෙස තෝරාගෙන ඇති අනෙකුත් ගෝලීය සේවා වන එමිරේට්ස්, කටාර් එයාර්වේස් සහ තුර්කි ගුවන් සේවය මෙන් ඉදිරියේ දී Juneyao Airlines ද එම ලැයිස්තුවට ඇතුලත් වන බවයි සමාගම සදහන් කර ඇත්තේ.

ගුවන් නියමුවාගේ අවධානයෙන් බ්‍රිස්බන් වෙත ආ ජීවිත රැසක් බේරෙයි

බ්‍රිස්බන් වෙත පැමිණෙමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක් පීඩන පද්ධතියේ ගැටළුවක් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රොක්හැම්ප්ටන් (Rockhampton Airport) ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

Read More »

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »