Search

රිය ධාවනයේදී භාවිත කරන දුරකථන රාජසන්තක කරන්න ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් සූදානම්

ගතවූ වසර අටක පමණ කාලයකින් පසු බටහිර ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව වාර්තාගත ඉහළම මට්ටමට පැමිණීම හේතුවෙන් නව නීති හඳුන්වා දීමට බලධාරීන් සැලසුම් කර තිබෙනවා.

දුරකථන භාවිතා කරමින් රිය ධාවනය කරන පුද්ගලයන්ගේ ජංගම දුරකථන රාජසන්තක කෙරෙන නීති, ලබන මාසයේ පැවැත්වෙන බටහිර ඕස්ට්‍රේලියාවේ මාර්ග ආරක්ෂණ සමුළුවේදී ගෙන ඒමට නියමිතයි.

මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ ප්‍රාන්තයේ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 118 දෙනෙකුට ජීවිත අහිමි වීමත් සමග මෙම නව නීති හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ හිටපු සභාපති මරේ ලැම්පාර්ඩ් (Murray Lampard) පැවසුවේ අනාරක්ෂිත රිය පැදවීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු කාලය එළඹ ඇති බවයි.

නීති විරෝධී ලෙස දුරකථන භාවිත කරන රියදුරන්ගෙන් ජංගම දුරකථන රාජසන්තක කිරීම එක් පියවරක් පමණක් වන අතර ඔවුන්ට තම දුරකථනය නැති වනු ඇතැයි බියක් ඇත්නම් රිය ධාවනයේදී එය භාවිතා කිරීම ගැන දෙවරක් සිතනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බටහිර ඔස්ට්‍රේලියා රජය මෙම වසර අවසානයේදී ජංගම දුරකථන භාවිත කිරීම මෙන්ම ආසන පටි පැළඳ සිටින්නේ ද යන්න සොයා බැලීමේ කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට ද නියමිතයි.

අගමැති රොජර් කුක් සඳහන් කළේ අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »