Search

මෙල්බන්වල ජනප්‍රිය ජලාශයක් අසලින් නාඳුනන කාන්තා මළ සිරුරක්

මෙල්බන් Narre Warren South ප්‍රදේශයේ Berwick Springs ජලාශය අසල තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.

Berwick Springsහි ජනප්‍රිය ඇවිදීමේ මං තීරුවක් සහ රක්ෂිතයක් අසල ජලයේ පාවෙමින් තිබියදී මෙම කාන්තා මළ සිරුර හමුවී ඇති බවයි සඳහන් වන්නේ.

අද උදෑසන ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මළ සිරුර සොයා ගෙන ඇති අතර ඇයගේ අනන්‍යතාව මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැහැ.

මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වමින් සිටින අතර සිද්ධියට අදාළව සැක සහිත කිසිවක් මෙතෙක් හෙළිවී නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »