සිඩ්නි නගරය සහ අවට කලාපයට ලැබෙන පානීය ජල පෝෂකවල පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගු බවට අනාවරණය වී තිබෙනවා.
සිඩ්නි ජල පෝෂක ප්‍රදේශ කිහිපයක් පුරා සිදු කළ අධ්‍යනයනයක දී පිළිකාකාරක රසායනික ද්‍රව්‍යක් වන PFAS පවතින බව හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම PFAS සාන්ද්‍රණය එක්සත් ජනපදයේ ආරක්ෂිත සීමාවන්ට වඩා ඉහළින් පවතින බව පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ සමීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.
විශේෂයෙන් Blue Mountains, North Richmond සහ Cascade dam යන ප්‍රදේශවල එම රසායනික ද්‍රව්‍ය ඉහළ මට්ටමක පවතින බව සඳහන්.
පානීය ජලයේ ඇති PFAS රසායනික ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා බලපෑමට ලක් වූ ප්‍රදේශවල නිරීක්ෂණ කටයුතු සිඩ්නි ජල සම්පාදක පර්යේෂණ ආයතන විසින් සිදු කර තිබෙනවා.
සිඩ්නි විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායමක් විසින් හඳුනාගෙන ඇත්තේ PFAS ශරීරගත වීම විශේෂයෙන් අක්මාවට හානිදායක වන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහ ආබාධිත දරුවන් බිහිවීම කෙරෙහි බලපෑම් කරන බවයි.