buy now, pay later සේවාවන්වල වර්ධනය හමුවේ ක්වීන්ස්ලන්ඩ් ඇතුලු ප්‍රාන්ත රැසක ජනතාව ක්‍රෙඩිට් කාඩ් මගින් සිදු කෙරෙන මිලදී ගැනීම් අඩු කර ඇතැයි වාර්තා වනවා.
නව පර්යේෂණයකට අනුව හෙළිවී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ්හි සාප්පු සවාරි යන ජනතාව ක්‍රෙඩිට් කාඩ් භාවිතය අඩු කරමින් buy now, pay later සේවා වෙත වැඩි වශයෙන් යොමු වන බවයි.
පසුගිය දශකය තුළ ක්‍රෙඩිට් කාඩ් භාවිතය සියයට 45 කින් පහත වැටී ඇති බව මෙරට ජනතාවගේ මුදල් වියදම් කිරීමේ ක්‍රම පිළිබඳ Mozo වෙබ් අඩවිය විසින් සිදු කරන ලද විශ්ලේෂණය මගින් සොයා ගෙන තිබෙනවා.
මිලදී ගැනීමක සාමාන්‍ය අවම වශයෙන් ඩොලර් 90 දක්වා සියයට 23 කින් පහත වැටී ඇති බව ද සඳහන්.
buy now, pay later සේවා මගින් ජනතාවගේ මිලදී ගැනීම් වැඩිවීම සමඟ පවතින තරඟකාරීත්වය හමුවේ පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා මුල්‍ය ආයතන විසින් සේවා පහසුකම් රැසක් ද හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
Mozo ප්‍රකාශිකා Rachel Wastell පැවසුවේ මෙම තත්වය මත බැංකු ඇතුලු මුල්‍ය ආයතන වෙතින් හොඳම ක්‍රෙඩිට් කාඩ් ලබා ගැනීමට කාලය එළඹ ඇති බවයි.