Search

ඔස්ට්‍රේලියානු පවුල් ලක්ෂ 40ක් දිනපතා ආහාර සොයා ගැනීමේ අර්බුධයක

මිලියන 4කට ආසන්න ඔස්ට්‍රේලියානු පවුල් ඒකක ප්‍රමාණයක් ජීවන වියදම් අර්බුධය හමුවේ එදිනෙදා ආහාර වේල් ලබා ගැනීමේ ගැටලුවකට මුහුණදී සිටින බවට නව වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

ගතවූ වසරක කාලය තුළ ඔස්ට්‍රේලියානු පවුල් මිලියන 3.7ක් ආහාර ලබා ගැනීමේ අරගලයක නිරත වන බවයි AtWork Australia වාර්තාවෙන් හෙළි වී ඇත්තේ.

වසර 33කට පසු උද්ධමනය ඉහළම අගයක වාර්තා වූ2022 අගෝස්තු සහ 2023 පෙබරවාරි අතර කාලයේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 53ක් ආහාර සහ නවාතැන් වැනි මූලික අවශ්‍යතා ලබා ගැනීමේ ගැටලුවක සිටි බව සඳහන්.

රැකියා සේවා සපයන ආයතනයක් වන AtWork Australia පෙන්වා දෙන්නේ ජීවන වියදම් අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියානුවන්ට තමන්ගේ සේවා ඉල්ලා සිටීමේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා වූ බවයි.

මේ අතර පසුගිය මාස හය තුල තම සහාය ලබා ගන්නා පුද්ගලයන්ගේ සියයට 75ක වැඩි වීමක් දක්නට ලැබෙන බව ඔස්ට්‍රේලියානු ආහාර පුණ්‍යායතනයක් වන OzHarvest වාර්තා කර තිබෙනවා.

ජීවන වියදම් අර්බුදය බොහෝ ජනතාව පිඩනයක සිටින අතර ප්‍රජාවේ සෑම අයෙකුම පාහේ උපකාර පතන බව මෙමගින් පෙන්නුම් කෙරෙන බවයි සඳහන් වන්නේ.

OzHarvest පුණ්‍යායතනය ඔස්ට්‍රේලියානු පවුල් සඳහා සතියකට ආහාර වේල් 500,000ක් පමණ ලබා දෙන බව සඳහන්.

ආහාර අනාරක්ෂිත භාවයේ ප්‍රධාන හේතුව ජීවන වියදම් අර්බුදය බව වාර්තාව මගින් අනාවරණ වී ඇති අතර සියයට 77ක් පවුල් ඒකක ද ජීවන වියදම් ගැටලුව තම ආහාර අර්බුධයට ප්‍රධාන හේතුව බව ප්‍රකාශ කර තිබෙනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »