Search

මූල්‍ය උපදෙස් සඳහා සමාජ මාධ්‍යයට යොමුවීමෙන් ඔස්ට්‍රේලියානුවන් අනතුරේ

සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු මූල්‍ය උපදෙස් සඳහා සමාජ මාධ්‍ය වෙත යොමු වන බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

කම්පෙයා ක්ලබ්හි (Compare Club) නව පර්යේෂණයකට අනුව හෙළිවී ඇත්තේ වයස අවුරුදු 18ත් 24ත් අතර තරුණයන්ගෙන් අයගෙන් අඩක් පමණ සහ වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 10ක් මූල්‍ය උපකාර සඳහා YouTube, Facebook සහ TikTok වැනි සමාජ මාධ්‍ය භාවිතා කරන බවයි.

මෙවැනි සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී මූල්‍ය උපදේශකයන් තරුණයින් සමඟ කටයුතු කිරීමේදී වංචා සිදුවිය හැකි බවයි විශේෂඥයන් අනතුරු අඟවන්නේ.

ඔස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය වැනි විශ්වාස කළ නොහැකි මූලාශ්‍රවලින් මූල්‍ය උපදෙස් ලබා ගනිමින් සිටින බව මූල්‍ය සේවා කවුන්සිලයේ ප්‍රධාන විධායක බ්ලේක් බ්‍රිග්ස් සඳහන් කළා.

සමාජ මාධ්‍යවල ඔස්සේ පිළිගත හැකි හොඳ උපදෙස් සපයන්නේ කවුරුන්ද සහ එලෙස නොකරන්නේ කවුරුන්ද යන්න පැහැදිළිව කිව නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නිත්‍යානුකුල මූල්‍ය ආධාර සේවාවල ගාස්තු අධික වීම හේතුවෙන් මිනිසුන් සමාජ මාධ්‍ය උපදේශන වෙත යොමු වන බව බ්ලේක් බ්‍රිග්ස් කියාසිටියා.

මූල්‍ය උපදේශකයෙකු හෝ ගණකාධිකාරීවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් ඩොලර් 3500 සිට 7000 දක්වා මුදලක් වැය වනවා.

නතර කිරීමට ක්‍රමයක් නොමැති බැවින් සමාජ මාධ්‍යවල උපදේශන සේවා පිළිබඳ දැඩි ගැටලුවක් පවතින අතර එය විසඳා ගත හැකි ක්‍රමය නම් රජයේ ප්‍රතිසංස්කරණ මගින් මුල්‍ය උපදේශන සේවාවල පිරිවැය අඩු කිරීම බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »